වර්ණ සිනමාහල්වලට!

අජිත් පී. ධර්මසූරිය තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ කුළුදුල් සිනමා නිර්මාණය වන ‘වර්ණ‘ මාර්තු 01 වැනිදා සිට සිනමාහල්වල තිරගත වේ.

චිත්‍ර ශිල්පියෙකු සහ කවියෙකු වන අජිත් පී. ධර්මසූරිය මෙම චිත්‍රපටිය නිර්මාණය පිළිබද මෙසේ අදහස් දක්වා තිබුණි. ‘මම නුවර ප්‍ර දේශයේ ඉපදුණ කෙනෙක්. තෙල්දෙණිය යට වූ එකත් එක්කම මට ඇති වුණා සිතුවිල්ලක් නිර්මාණවල යෙදෙන්න. කවියට, ලේඛන කලාවට මුලින් අවතීර්ණ වුණා. මම චිත්‍ර ඇදීමට ප්‍රිය කිරීමත් එක්ක යම් දවසක චලන චිත්‍රයක් කිරීමට හිතුවා. සිනමාවට ප්‍රවිශ්ඨ වෙන්න හේතු වුණේ ඒක. පාසලේ හිටි පතිරාජ අයියාගේ ඇසුර සිනමා ජීවිතයට බලපෑවා.‘

විවාහාපේක්ෂිත දියණියක පමණක් සිටින පීතෘ මූලික ඉහළ මධ්‍යම පාන්තික පවුලක් හමුවට අනපේක්ෂිතව පැමිණෙන ආගන්තුක චරිතයක් නිසා ඇති වන සිද්ධි මාලාවක් මෙයට පාදක වී තිබේ. මෙය හිටපු නියෝජ්‍ය විදුහල්පතිනියක වන ඉන්ද්‍රා පතිරාජගේ නිෂ්පාදනයකි.

මෙහි විශ්ව කොඩිකාර, චමත්කා ලක්මිණි, ලක්ෂ්මන් මෙන්ඩිස්,, ජයනි සේනානායක, සුරේන්ද්‍ර කුමාර, මෙනුෂි බණ්ඩාර, රවිදු ප්‍රනාන්දු, නිරෝෂන් බුද්ධික ඇතුළු නළුනිළියන් චරිත නිරූපණය කරයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading