පෙරහැර නතර කරනවා කියන කුරිරු දේශපාලන ව්‍යාපාර විනාශකාරීයී! – අනුර

අසේල කුරුළුවංශ


ජාතියේ අධ්‍යාත්මය හා ජීවය ගැබ්ව තිබෙන මහනුවර ඇසළ පෙරහර මංගල්ලව නතර කරන බවට පසුගිය මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවල කතා බහ වූ බවත් එවැනි සාහසික ප්‍රකාශ කරන කුරිරු දේශපාලන ව්‍යපාර විනාශාකාරි බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


යළිත් මෙවැනි කතා මෙරට දේශපාලන වේදිකා මත පැන නොනැගිය යුතු යැයිද ඒ මහතා කීය.


මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සතර මහා දේවාල බස්නායක නිලමේවරු හා පිටිසර දේවාල බස්නාක නිලමේවරු සමඟ පෙරහරින් ජනපති මැදුර වෙත පැමිණ සම්ප්‍රදායානුකූලව ජනපතිවරයා වෙත බාර දුන්නේය.ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් පෙරහරට එක්ව විශිෂ්ට දක්ෂතා දැක්වූ කලා ශිල්පීන්ට සහතික හා මුදල් ත්‍යාග පිරි නැමීම මෙහිදී ජනපතිවරයා අතින් සිදු කෙරුණි. මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සම්පාදනය කරනු ලබන පූජනීය දළදා සංස්කෘතිය ග්‍රන්ථය ජනපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණි.


අනතුරුව උත්සය සභාව ඇමැතූ ජනපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසුවේයපෙරහර මංගල්ලයේ ඇතුළාන්තයේ තිබෙන්නේ අපේ මුළු ජාතියේම හෘද සාක්ෂියයි. ජාතියේ අධ්‍යාත්මය හා ජාතියේ ජීවය මේ තුළ අන්තර්ගතයි. එවැනි මංගල්ලයක් නතර කරනවා යැයි පැවසීම මොන තරම් විෂකුරු විනාශකාරී කතාවක්ද ?. පෙරහර තහනමක් ගැන පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල සඳහන් කළා. එය මොන තරම් නම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද ?.අපේ ජාතියේ අධ්‍යාත්මය මරා දැමීමට හා සංස්කෘතියේ පාදම විනාශ කිරීමට උත්සහා කරනවා කියන ප්‍රකාශයම මොන තරම් නම් කුරිරු හා විනාශකාරී එකක්ද යන්න මා අමුතුවෙන් කිව යුතු නැහැ. එය කිසිසේත්ම අපගේ දේශපාලන වේදිකාවක සාකච්ඡාවට හෝ තර්කනයට භජනය විය යුතු කාරණයක් නෙවෙයි. මේ උත්තම ඓතිහාසික මංගල්ලයයි දේශපාලන වේදිකාවයි කොතනද තියෙන්නේ. මේ උත්තරීතර මංගල්ලය අහස් ගැබ දක්වා විහිදෙනවා නම් දේශපාලන වේදිකාව පවතින්නේ ආලෝක ශතවර්ෂ ගණනාවක් දුරින් වූ තිබෙන පොළොවෙයි. නැවත කවදාවත් අපේ රටේ දේශපාලන වේදිකාවන් තුළ පෙරහර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැගිය යුතුයි.


අපේ ජාතියේ මෙන්ම බොදුනුවන්ගේ ඉතාමත් වැදගත් ඓතිහාසික සංස්කෘතික මංගල්ලය මහනුවර ඇසළ පෙරහරයි. එය අපේ සංස්කෘතියේ ප්‍රෞඩත්වය විදහා දක්වන අවස්තාවක් වගේම අපේ සමාජය කවර ආකාරයේ එකක්ද යන්න ප්‍රතිරූපනය කරන අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි.. මහනුවර ඇසළ පෙරහර මංගල්ලය අපේ ජාතියේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. අනුරාධපුර යුගයේ කිත්සිරිමෙවන් රජ දවස දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කළදා පටන් මෙම පෙරහර මංගල්ලය ඉතාමත්ම ප්‍රෞඩ ආකාරයෙන් පවත්වා තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම ගිහි පැවිදි විශාල ජනකායක් පෙරහර නැරඹීමට එක්ව තිබෙනවා.එදා හා සමානව නැත්නම් ඊටත් වඩා වැඩි පිරිසක් අද පෙරහර නැරඹීමට එක්ව සිටිනවා. අවසන් රන්දෝලි මහ පෙරහර ලක්ෂයකට ආසන්න පිරිසක් නැරඹූ බව පොලිසීය ප්‍රකාශ කරනවා.

පෙරහර මංගල්ලයේ ඇතුළාන්තයේ තිබෙන්නේ අපේ මුළු ජාතියේම හෘද සාක්ෂියයි. ජාතියේ අධ්‍යාත්මය හා ජාතියේ ජීවය මේ තුළ අන්තර්ගතයි. එවැනි මංගල්ලයක් නතර කරනවා යැයි පැවසීම මොන තරම් විෂකුරු විනාශකාරී කතාවක්ද ?. පෙරහර තහනමක් ගැන පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල සඳහන් කළා. එය මොන තරම් නම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද ?.අපේ ජාතියේ අධ්‍යාත්මය මරා දැමීමට හා සංස්කෘතියේ පාදම විනාශ කිරීමට උත්සහා කරනවා කියන ප්‍රකාශයම මොන තරම් නම් කුරිරු හා විනාශකාරී එකක්ද යන්න මා අමුතුවෙන් කිව යුතු නැහැ. එය කිසිසේත්ම අපගේ දේශපාලන වේදිකාවක සාකච්ඡාවට හෝ තර්කනයට භජනය විය යුතු කාරණයක් නෙවෙයි. මේ උත්තම ඓතිහාසික මංගල්ලයයි දේශපාලන වේදිකාවයි කොතනද තියෙන්නේ. මේ උත්තරීතර මංගල්ලය අහස් ගැබ දක්වා විහිදෙනවා නම් දේශපාලන වේදිකාව පවතින්නේ ආලෝක ශතවර්ෂ ගණනාවක් දුරින් වූ තිබෙන පොළොවෙයි. නැවත කවදාවත් අපේ රටේ දේශපාලන වේදිකාවන් තුළ පෙරහර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැගිය යුතුයි.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමැතිවරුද මධ්‍යම පළාත් ආණ්ඩුකර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, ජනාධිපති ලේකම්ආචාර්ය නන්දික සනත් කුමානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මහනුවර පෙරහර භාරයේ සභාපති අමිල නවරත්න, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading