මහින්ද මහත්තයා ලෙඩ වෙලා, සැප්තැම්බර් 27 වැනිදා සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති හුවමාරු වෙද්දී හැමෝම කතා කරමින් ඒ ගැන අහන්න ගත්තා. ඉතින්, කට්ටියට මළමිනිය ඇවිද්දවන්න සිද්ධ වුණා.
ඒ මුල් දවසේම මහින්ද රාජපක්ෂ පාමංකඩ සීමා විහාරයට ගිහින් වල්පොළ පියනන්ද හාමුදුරුවන් හම්බවෙලා වැඩසටහනක් කළා.
ඉන් පස්සේ මහින්ද රාජපක්ෂගේ මළමිනිය චුට්ටක් එහේ මෙහේ ඇවිද්දවන්නට ඔහුට සමීප අය කටයුතු කළා. ඉතාම පැහැදිලිව මහින්දගේ කෙටි අදහස් දැක්වීම්වලින් පවා ඔහුගේ සිහිබුද්ධිය හෝ මානසික මට්ටම ස්ථාවරත්වයක තියෙන බව පෙනෙන්නේ නෑ. ඒත්, මහින්ද තවමත් ඇවිදිනවා. ඔහු කැලණි විහාරය ආදී ස්ථාන රැසකට ගියා.
තවමත් වියපත් උපාසක අම්මලා නම්, ‘මහින්ද මහත්තයාට‘ පරණ විදියටම වන්දනාමාන කරනවා. යටහත් පහත්ව. එහෙත්, ඔහුගේ කතා කිරීමේ නොහැකියාව මනාව පෙනෙන්න තිබුණා ඒ ඇවිදින අවස්ථාවල. හරි මාධ්‍යවේදීන් ප්‍රශ්න දෙකක් ඇහුවා නම් මහින්දගේ මට්ටම මනාව හෙළිදරව් කරගන්න අවස්ථාව තිබුණා.
සැප්තැම්බර් 28 වැනිදා මීරිගම පන්සලකට ගිහින් මකුලෑවේ විමල හිමියන් එක්ක කතා කරද්දී, ‘පොහොට්ටුවේ නායකත්වයේ වෙනසක් විය යුතු බව‘ මහින්ද කීවායැයි දේශපාලන වාර්තාවල සඳහන් වුණා. ‘හැමදාම එකම කෙනා ඉන්න බෑනේ‘ කියලා මහින්ද කීවාලු.
ඒ කොහොම වුණත්, මහින්ද රාජපක්ෂට ‘පරමාදර්ශී නායකයා‘ කියල තනතුරක් දීලා ඊළඟ පක්ෂ නායකයා විදියට දක්ෂ- තරුණ- නායකයෙක් පක්ෂ සාමාජිකයන්ගෙ ඡන්දෙන් තෝරාගන්න සැලසුම් කරලා තියෙනවාලු.
විහිළුවක් කළේ!
ඊළඟ නායකයා විදියට රාජපක්ෂ පවුලෙන්ම කෙනෙක් තෝරගන්නලු ඉන්නේ. ඒ සඳහා දැනට බැසිල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ දෙන්නාගෙන් කෙනෙක්ව තෝරාගන්න සැලසුම් කරලා තියෙනවා. බොහෝ විට බැසිල්ව නායකයා විදියටත්, නාමල්ව ජාතික සංවිධායක විදියටත් තෝරගන්න ඉඩ තියෙනවා කියලා ආරංචියි.
නාමල් රාජපක්ෂ රට පුරා පොහොට්ටු ශාඛා සමිති හදන වැඩසටහන් සහ විවිධ කණ්ඩායම් හමුවෙලා රැස්වීම් පවත්වනවා.
පොදුජන පෙරමුණ සුපුරුදු ලෙස එක මතයක නෑ. ඊළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් නොකර ඉන්නට දැනටමත් එකඟතාවක් තියෙනවා. එහෙත්, රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී සහයෝගය දෙනවාද? පොදුජන පෙරමුණ වෙනම ඉල්ලනවාද? නැත්නම් දෙකම නොකර යම්කිසි නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවාද?
පොහොට්ටුව මොන තීන්දුව ගත්තත් අමාරුවේ වැටිලයි ඉන්නෙ. පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් සාකච්ඡා කරලා තියෙනවාලු, රනිල්ට ෆුල් සපෝට් එක දෙන්න. නාමල් රාජපක්ෂ ඊළඟ ජනාධිපතිවරණයට එන්න ඕනෑ බවත්, මේ වෙලාවේ රනිල්ට සපෝට් කරන්නේත් නාමල්ගේ අනාගතය වෙනුවෙන් බවත් ඒ අය කතා වුණාලු.