බොරලුකන්දේ පුරාවිද්‍යා භූමියක පන්සලක් හදනවාට එරෙහි විරෝධයක් වළක්වන්න උසාවි නියෝගයක්!

නිලාවේලි, ඉලුප්පුකුලම, බොරලුකන්ද ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් අල්ලාගෙන අලුතින් ඉදි කරන විහාරයක් ඉදිරිපිට විරෝධතා නොපවත්වන ලෙස පුද්ගලයන් 8 දෙනෙකුට එරෙහිව ඔක්තෝබර් 01 වැනිදා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

එම දිනය තුළ බොරලුකන්ද, මෙම පුරාවිද්‍යා භූමිය ඉදිරිපිට එක්රැස්වීම වළක්වමින්, උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වමින් උක්ත නියෝගය ලබාගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක ෂම්මුගම් කූගදාසන්, දෙමළ ජාතික සන්ධාන මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යම් රාසමානික්කම්, ටෙලෝ සංවිධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් ඇතුළු දේශපාලන නායකයන් සහ සිවිල් නායකයන්ට එරෙහිව මෙම නියෝගය ලබාගෙන ඇත.

මෙම විහාරය උතුරු- නැගෙනහිර පුරාවිද්‍යා භූමි ඉලක්ක කරමින්, ජනවාර්ගික ගැටුම් ඇති වන ආකාරයට දැවැන්ත පන්සල් ඉදිකිරීමේ ප්‍රවණතාවකට අයත් වන තවත් එක් ඉදිකිරීමක් වන අතර, ප්‍රදේශවාසීන් නොවන හිමිවරුන් සහ කණ්ඩායම් මෙම ඉදිකිරීමට මැදිහත්වෙමින් සිටී.

විරෝධතාව මෙම ඉදිකිරීම් සහ ඒ ආශ්‍රිතව සිදුකෙරෙන පදිංචි කිරීම්වලට එරෙහිව උතුරේ පැවැත්වෙන විරෝධතා මාලාවක දිගුවකි.

මෙම විරෝධතාවට එරෙහිව නිලාවැලි පොලීසියේ ස්ථානාධිපති ගල්ලෙලුගේ දොන් ප්‍රදීප් ශාන්ත කුමාර අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

Author

2 Comments

  • පන්සල් හදනවා වගේම මිනිසුන් තුළ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණධර්ම ඇති කිරීමට කටයුතු කිරීම වැදගත් වෙනවා.

  • උසාවි නියොගය දීල තියෙන්නෙ සාමය අරක්ශා කරන්නනෙ. කොලඹ කෝවිල් හදනකොට කවුරුත්
    පෙලපාලි ගියේ නෑ. ලංකාවෙ ඕනතැනක බෞද්ධ හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි කවුරුත් නිදහසේ හිටපු දෙන්

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading