රජත් බේඩි කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයන්ට හුරුපුරුදු මුහුණක්. ඔහු The Hero: Love Story of a Spy, Koi… Mil Gaya, Hera Pheri, Vaah වැනි විවිධ ජනප්‍රිය චිත්‍රපටවල රඟපෑම් කළා.
කොහොම වුණත් රජත් බේඩි පසුගිය වසර කිහිපයේ බොලිවුඩ් රිදී තිරයෙන් ඈත් වෙලා හිටියා.
ඔහු බොලිවුඩයෙන් ඈත් වුණේ ඇයි දැයි පැහැදිලි කරමින්, යූටියුබ් නාලිකාවකට (මුකේෂ් ඛන්නාට) සම්මුඛ සාකච්ඡාවක් අතර තුර පැවසූවා.
ඔහු රඟපෑ සමහර චිත්‍රපටවල වැඩ කිරීමේ එතරම් ප්‍රසන්න නොවන අත්දැකීමක් ගැන ඔහු එහිදි කතා කළා. ඒවායින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ප්‍රීති සින්ටා සහ රිතික් රෝෂන් රඟපෑ Koi… Mil Gaya විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැනත් ඔහු කතා කරලා තිබුණා.
Koi… Mil Gaya චිත්‍රපටයේ රජත් බේඩි ප්‍රධාන දුෂ්ඨයා විදියට රාජ් සක්සේනාගේ චරිතය රඟපෑවා. සම්මුඛ සාකච්ඡාවේදී රජත් බේඩි හෙළි කළේ චිත්‍රපටයේ ඔහුගේ දර්ශන කිහිපයක් කපා දමලා තිබෙන බව , ඔහුට එම ප්‍රතික්ෂේප කිරීම “අප්‍රිය ජනක හැඟීමක්” කළ බව ඔහු පැවසූවා.
‘කෝයි මිල් ගයා බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වුණා,එත් චිත්‍රපටය තිරගත කරන්න හදපු අවසාන කප්පාදුව දැකීමෙන් මම කලකිරීමට පත් වුණා. මම කැනඩාවට ගියේ චිත්‍රපට ක්ෂේත්‍රයේ මගේ වැඩ කටයුතු ගැන කලකිරීමක් දැනෙන මොහොතකයි. ෆිල්ම්ස් වැඩ කළා, කෝයි මිල් ගයා තරම් ලොකු හිට් එකක් තිබුණේ නැහැ. නමුත් ඒකෙන් මට ප්‍රයෝජනයක් වුණේ නැහැ. මොකද මම ඒ ෆිල්ම් එකේ ගොඩක් වැඩ කරලා තිබුණත් ප්‍රීති සින්ටා එක්ක මගේ ට්‍රැක් එකයි, එයා එක්ක රිතික්ගේ ට්‍රැක් එකයි… ඒත් ෆයිනල් එඩිට් එක එනකොට මගේ ට්‍රැක් කට් වුණා. මගේ ලොකුම කලකිරීම තමයි චිත්‍රපටිය නිකුත් වුණාම ඔවුන් චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලින් සම්පූර්ණයෙන් සම්පුර්ණයෙන්ම මාව ඉවත් කරලා දාලා තිබුණා.” වැඩිදුරටත් රජත් පවසා තිබුණා.
“නළුවෙක් විදියට මට බොහෝ බලාපොරොත්තු මගේ ගැන තිබුණා. ඒත් මේ කපා දැමිලි නිසා මට ගොඩක් කලකිරුණා. මට බය හිතුනා. ඒ නිසා මම බොලිවුඩ් වලින් ඉවත් වෙන්න තීරණය කළා.
මම කැනඩාවට ගියේ ක්‍ෂේත්‍රයේ මගේ වැඩ ගැන කලකිරීමක් දැනෙන මොහොතෙමයි. ෆිල්ම්ස් වැඩ කළා, කෝයි මිල් ගයා තරම් ලොකු හිට් එකක් තිබුණේ නැහැ නමුත් ඒක මට ප්‍රයෝජනයක් වුණේ නැහැ.”
ඔහු බොලිවුඩයෙන් ඉවත් වීමට තීරණය කළේ කෝයි මිල් ගයා බලාපොරොත්තු සුන්වීම නිසා පමණක් නොව තවත් හේතු රාශියක් නිසා බව ඔහු පවසා තිබුණා.
“එතකොට මම සනී ඩියෝල් එක්ක චිත්‍රපට කරනවා. නමුත් මට ලැබුණු සියලුම චෙක්පත් බව්‍රන්ස් වුණා. මම ‘කොහොමද හැදෙන්නෙ?’ මුදල් නැතිව කොහොමද මම ජීවත් වෙන්නේ වගේ හැඟිමක් මට ආවා. මට චිත්‍රපට ලැබෙනවා, ප්‍රසිද්ධියක් ලැබෙනවා,ඒත් මුදල් නැහැ. මගේ පවුලේ අයව මම ජීවත් කරන්න ඕනෑයි. ඒත් මුදල් නැතිව ඒ දේවල් කරන්න බැහැ. මම මගෙන්ම ඇහුවා, ‘ජනප්‍රිය වෙන එක හොඳයි, ඒත් සල්ලි කෝ?’ කියලා.
