අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළ පෙත්සමේ වැඩිදුර විභාගය දෙසැම්බර් 16 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට අභියාචනාධිකරණය අද (ඔක්තෝබර් 12) නියම කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එමඟින් ඉල්ලා ඇත්තේ රාමනාදන් අර්ච්චුනා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

2024 මහ මැතිවරණයට නාමයෝජනා භාර දෙන අවස්ථාවේදී අර්ච්චුනා මහතා රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවයේ නිරතව සිටි බවට පෙත්සම්කරු කරුණු ඉදිරිපත් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading