විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකුගේ නිවසට පහරදී එහි සීසීටීවී පද්ධතියට හානි කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්ද්‍රකුමාර් ගනේෂරූපන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ලැබුණ පැමිණිල්ලක් මත යාපනය නෙල්ලිඅඩි පොලීසිය විසින් අගෝස්තු 29 වැනිදා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔහු පොලිස් ඇප මත පසුව මුදා හැර තිබේ.
ඉල්ලා අස්වී ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්ද්‍රකුමාර් ගනේෂරූපන් අද (අගෝස්තු 31) පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

හොදයි මේක තමයි අපි පැතූ වෙනස