ශ්‍රී ලංකාවේ නව ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත අගෝස්තු 25 දින සිය අක්තපත්‍ර පිළිගන්වමින් ඔහුගේ තානාපති ධුරයේ නිල කටයුතු ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ 29 වන ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය රාජකාරි භාර ගැනීම සඳහා මයර් මහතා 2026 අගෝස්තු 22 වන දින සවස කොළඹට පැමිණ ඇත.
ශ්‍රී ලංකාවේ මෙම රාජකාරිය භාර ගැනීමට පෙර, ඔහු නෝර්වේ රාජ්‍යයේ එක්සත් ජනපද දූත මණ්ඩලයේ වැඩබලන තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඊට පෙර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස සේවය කර ඇත.
