හිමාල කඳුවැටියේ නේපාල-ටිබෙට් දේශසීමා ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 547 දෙනෙකුගේ මළ සිරුරු අද (අගෝස්තු 28) දින වන විට සොයාගෙන තිබේ.
මීට අමතරව විදෙස් ජාතිකයින් 517 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 977 දෙනෙකු තවදුරටත් අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ජලයෙන් යටවූ නේපාලයේ ට්රිෂූලි 3A ජල විදුලි ව්‍යාපෘතියේ උමගක් තුළ සිරවී සිටින පුද්ගලයින් 350ස් දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති අතර, තවත් 100කට වැඩි පිරිසක් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවද නේපාල හමුදාව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් උතුරු නේපාලයට තවත් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
2015 වසරේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු නේපාලය මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනය මෙය ලෙස සැලකේ.
