ඩයමන්ඩ් ලීග් සූරිච් ජයත් රුමේෂ්ට

ස්විට්සර්ලන්තයේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ සූරිච් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට රුමේෂ් තරංග ඊයේ (අගෝස්තු 27) සමත්විය.

ඒ මීටර 92.07 දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.

තරගයේ දෙවන ස්ථානය හිමිවී ඇත්තේ මීටර් 86.93ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනාඩාවේ ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස්ටය.

එමෙන්ම තුන්වැනි ස්ථානය මීටර් 85.16ක දක්ෂතාවක් දැක්වූ පෝලන්ත ක්‍රීඩක ඩාවිඩ් වෙග්නර් දිනා ගැනීමට සමත් වී ඇත.

මේ වසරේ සහභාගි වූ තරඟ 12න් තරඟ 11කම ජය හිමිකරගැනීමට රුමේෂ් සමත් වී ඇත.

මෙම වසරේ ජුනි මාසයේ පැවැති රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62ක දුරක් වාර්තා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමටද ඔහු සමත් විය.

ඔහු අඛණ්ඩව ජය ගත් සිව්වැනි ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය මෙය වීමත් විශේෂත්වයකි.

රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටින ක්‍රීඩකයාද වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading