කිසිදු වෘත්තිකයකු වෙනුවෙන් නැති වුවමනාවක් මාධ්‍ය වෙනුවෙන් ආණ්ඩුවට වෙලා තියෙන්නෙ ඇයි?

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම මැයෙන් ආණ්ඩුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එය මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇත. ඒ අනුව එය සම්මත වීමෙන් පසු රටේ නීතියක් බවට පත්වනු ඇත.

එම නීතිය සංශෝධනය කිරීමේ හා එම නීතිය යටතේ රීති හැදීමේ බලය බලයේ සිටින ආණ්ඩුවලට හිමිවනු ඇත. මෙතෙක් රටේ කිසිදු වෘත්තිකයන්ගේ ආයතනයක් හෝ විද්වත් ආයතනයක් රජයේ නීතියකින් ස්ථාපිත කර නැත. ඒ ඒ වෘත්තිකයන් ඔවුන්ගේ වුවමනාව අනුව ආයතන හෝ විද්වත් ආයතන පිහිටුවාගෙන ඇත. එම සමහර ආයතන පසුව ව්‍යවස්ථාදායකයේ හෙවත් පාර්ලිමේන්තුවේ පිළිගැනීම ලබාගෙන ඇත.

එම පිළිගැනීම ලබා ගැනීමේ පනත් හදුන්වන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා හෙවත් Incorporation act නමිනි. ඒවායින් සිදුකරන්නේ එම පවතින ආයතනය ඔවුන්ගේ අරමුණු සහිතව පිළිගැනීම පමණී. එසේ පාර්ලිමේන්තුවේ පිළිගැනීම ලබාගත් වෘත්තිකයන්ගේ ආයතන ඇත්තේද කිහිපයක් පමණී. උදාහරණයකට Institute of chartered accountants of sri lanka සහ sri lanka institute of architect ගත හැක.

වෘත්තිකයන්ගේ ආයතන හදාගන්නේ ඒ ඒ වෘත්තිකයන් විසිනි. ඔවුන්ට ඒ සදහා වුවමනාවක් ඇතත් හැකියාවක් නැත්නම් ආණ්ඩුවක් කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීමක් ඇත්නම් ඒ සදහා පහසුකම් සැලසීමය. එසේ නොමැතිව රටේ නීතියක් බලහත්කාරයෙන් පැටවීම නොවේ. ආයතන හෝ විද්වත් ආයතන නැති රටේ වෙනත් කිසිදු වෘත්තිකයකු වෙනුවෙන් නැති වුවමනාවක් මාධ්‍ය වෙනුවෙන් ආණ්ඩුවට ඇතිවී ඇත්තේ ඇයි?

මාධ්‍ය පැවතිය යුත්තේ රාජ්‍යයෙන් නිදහස්ව මිස රාජ්‍ය තුළ නොවේ. මන්ද රාජ්‍යයේ සුපරීක්ෂකයා වන්නේ මාධ්‍ය වන බැවිනි. මෙතෙක් බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් නොකළ මේ උත්සාහය කුමක් සදහාද?

Author

1 Comment

  • නීතිය කොහොමත් පටවන්නෙ බලෙන් තමා. සමාජයේ පවතින සියළු ආයතන රාජ්‍ය තුළ තමයි තියෙන්නෙ. රාජ්‍යයෙන් නිදහස් ආයතනයක් පවතින්නේ නෑ. නීරි රාමුවකට යටත් නොවුණත් රාජ්‍ය තුල තමයි සියල්ල පවතින්නෙ. ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණය තුළ මාධ්‍ය යනු ධනේශ්වර දෘෂ්ටිවාදය හසුරවන ආයතන වේ. ධනේශ්වර දෘෂ්ටිවාදය යනු අධිකරණ, සිරගෙවල්, හමුදාව පොලීසිය පාර්ලිමේන්තුව වගේම රාජ්‍යට අයත් එක් කොටසක්.

Comments are closed.

Related Posts