අල්ලස් ලබාගැනීමේ සිදුවීමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පක්ෂ සාමාජිකත්වය සහ පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ බව එම පක්ෂය නිවේදනය කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.
සමගි ජන බලවේගය විශේෂ මාධ්ය නිවේදනයයි
හොරණ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන චරිත් අබේසිංහ මහතා පිළිබඳ පක්ෂය ගත් තීන්දුව දැනුම්දීම සම්බන්ධවයි.
2023 වසරේ සිදු කළ බව කියන අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළව ඊයේ (25) රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියලු තනතුරු වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂය තීරණය කර තිබේ.
මෙම අල්ලස් සිද්ධිය සිදුවූ බව කියන 2023 වසර වන විට ඔහු අප පක්ෂයේ සාමාජිකයෙකු ලෙස හෝ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර නොමැති අතර ඔහු එදා සිට සමගි ජන බලවේගයේ කිසිදු තනතුරක් නොදැරූ බවද අවධාරණය කරනු කැමැත්තෙමි.
සමගි ජන බලවේගය කිසිදු විටක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන්ට අදාළ නීතිය ක්රියාත්මක කිරීමට සහ අධිකරණමය ක්රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අප යළි යළිත් අවධාරණය කරමු.
මෙයට, රංජිත් මද්දුම බණ්ඩාර (පා.ම.) මහලේකම් සමගි ජන බලවේගය

චරිත් අබේසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පාතාල නායක ‘හරක් කටා’ නමැත්තාගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙනි. හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ තවත් අයෙකු සමඟ එක්ව මෙම අල්ලස් ජාවාරම සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් ජූලි 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.

මුන් දෙන්න අල්ලස් ගත්ත කියනවට වඩා සල්ලි හොරකම් කර කියුව නම් හරි. අල්ලස් ගන්න මුන්ට කිසි අධිකාරියක් හරි බලයක් නැනේ. ෆෝන් කෝල් එකේ නම් කියවෙන අනිත් එවුන් ගැන තමයි වැඩිපුර හොයන්න ඕනි