ආනන්ද විජේපාල මන්ත්‍රී ධුරයට නුසුදුසුයි- පෙත්සම විභාගයට

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සකු බවට තීන්දුවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුනි 22) අවසර ලබාදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ආනන්ද විජේපාල මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නැති බව සඳහන් කරමින් එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීම අභියෝගයට ලක්කරමින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර හා සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම සලකා බලා ඇති අතර එය නැවත නොවැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading