රජය විසින් අලුතින් හඳුන්වා දී ඇති මෙට්‍රෝ බස් (Metro Bus) සේවාව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ලෙස ධාවනය වන්නක් බවත්, එමඟින් දැනටමත් දැඩි අර්බුදයක පවතින පෞද්ගලික බස් කර්මාන්තය තවදුරටත් කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න කියා සිටියේ මෙම නව බස් ව්‍යාපෘතිය පිටුපස බරපතළ නීතිමය සහ මූල්‍යමය ගැටලු රැසක් පවතින බවයි.
මෙට්‍රෝ බස් සේවාව ස්වාධීන නව ව්‍යාපෘතියක් ලෙස පෙන්වීමට උත්සාහ කළද, එහි සැබෑ හිමිකාරිත්වය පවතින්නේ රජය සතුව බව අනාවරණය කළ ගැමුණු විජේරත්න වැඩිදුරටත් කියා සිටියේ, මෙට්‍රෝ නමින් වෙනම ලියාපදිංචි සමාගමක් නොමැති බවයි. මෙහි කොටස්වලින් 60%ක් මහා භාණ්ඩාගාරය සතු වන අතර ඉතිරි 40% ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) සතු වන බැවින්, මෙය හරියට ‘අක්කා පෙන්වා නංගි දුන්නා’ වැනි වැඩක් බවත්, අවසානයේදී මෙම සේවාවද සාමාන්‍ය ලංගම සේවාවක් ලෙසම ක්‍රියාත්මක වන්නක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම සුඛෝපභෝගී බස් රථ සඳහා නිසි නීතිමය ප්‍රතිපාදන හෝ මාර්ග බලපත්‍ර නොමැති බවට චෝදනා කළ සභාපතිවරයා, සුඛෝපභෝගී සේවාවක් ලෙස හඳුන්වමින් එහි මගීන් සිටගෙන රැගෙන යාම පිළිබඳවද ප්‍රශ්න කළේය. එමෙන්ම, මෙම බස් රථවල දෛනික ආදායම් වාර්තා රටට ප්‍රසිද්ධ කරන ලෙස තමන් රජයට අභියෝග කරන බවද ඔහු සඳහන් කළේය.
ස්වයංක්‍රීය ගියර් පද්ධති සහිත බස් රථ භාවිතය නිසා සිදුවන ඩීසල් නාස්තිය පිළිබඳව තාක්ෂණික කරුණු පෙන්වා දුන් ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ, දැනට ලංකාවේ ධාවනය වන කිසිදු පෞද්ගලික බස් රථයක් ස්වයංක්‍රීය ගියර් සහිතව ධාවනය නොවන බවයි. මෙවැනි ස්වයංක්‍රීය ගියර් සහිත බස් රථ ධාවනයේදී සාමාන්‍ය අතින් ක්‍රියාත්මක වන බස් රථවලට වඩා වැඩි ඩීසල් ප්‍රමාණයක් දහනය වන බව පෙන්වා දුන් ගැමුණු විජේරත්න, රටේ පවතින ආර්ථික අර්බුදකාරී වටපිටාව හමුවේ මෙලෙස වැඩි ඉන්ධන පිරිවැයක් සහිත බස් රථ මෙරටට ගැලපෙන්නේද යන්න පිළිබඳව නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදුකළේ කවුරුන්ද යන්න බරපතළ ගැටලුවක් බවද අවධාරණය කළේය.

Disgusting fellow
Sri lankans do need a quality service like Metro!!!
Hats off to the gov