ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත් පතේ අද (ජුනි 22) පලකර ඇති ප්‍රධාන පුවත අසත්‍ය හා නොමඟ යවන සුළු එකක් බවත්, රජය දැඩි ලෙස එය ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පුවතට කිසිදු සත්‍ය පදනමක් නොමැති බවත්, එය ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ශා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුව සිතාමතාම විකෘති කර දැක්වීමක් බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එම සාකච්ඡාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව, බිම් මට්ටමින් සහ තරුණ තරුණියන් සඳහා වන ක්‍රිකට් වැඩසටහන් මෙන්ම තරුණ ක්‍රීඩකයින් සඳහා අවස්ථාව පුළුල් කිරීම පිළිබඳ අවධානය යොමු වූ බවද, ජනාධිපතිවරයා හා අසීසී සභාපතිවරයා යන දෙදෙනාම ඒ බව සිය එක්ස් ගිණුම් ඔස්සේ නිල වශයෙන් තහවුරු කළ බවද සඳහන් කර තිබේ.
එහිදී කිසිදු අවසාන නිවේදනයක්, අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ තර්ජනයක් හෝ නිලවරණයට අදාළ කරුණක් සාකච්ඡා නොවූ බවද එම නිවේදනයේ අවධාරණය කර තිබේ.
