ලේකම්වරුන්ගේ කාර්යසාධනය ඇගැයීමට ගිවිසුම් අත්සන් කෙරේ

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්යසාධනය ඇගැයීම වෙනුවෙන් කාර්යසාධන ගිවිසුම් අත්සන් තැබීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජුනි 19 දින ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

ඒ අනුව වසරකට දෙවතාවක් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්යසාධනය ඇගැයීමට නියමිතය. එම අවස්ථාවේ පැවති සාකච්ඡාවේදී එක් එක් අමාත්‍යාංශය සඳහා ප්‍රාග්ධන අයවැය යටතේ ප්‍රතිපාදන යෙදවූ ආකාරය, ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය හා මෙම වසරේ අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කෙරී ඇත.

එමෙන්ම විදෙස් ආයෝජකයින් ආයෝජනවලදී මුහුණ දී සිටින ගැටලු පිළිබඳව හා සිදුකිරීමට නියමිත ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දීම පිළිබඳවද සාකච්ඡා කෙරී ඇත.

එම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ට අමතරව අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව් එම් ඩී ජේ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

Author

Related Posts