ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනෙකුට එරෙහි අල්ලස් නඩුව කල් යයි…

2014 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 17 කට අධික මුදලක් පාඩු කළ බවට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි 30 වනදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද දින (22) මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ විභාගයට ගත් අතර, එහිදී පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කර ගෙන තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 නොවැම්බර් 19 වනදා පුවත්පත් 11 ක විශේෂ අතිරේක පළ කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුදල් යෙදවීමෙන් රජයට රුපියල් 1,748,877.76 ක මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. දූෂණ විරෝධී පනත යටතේ සිදුකළ මෙම වරද සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත.

Author

Related Posts