ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති නිලධාරියකු ලෙස සේවය කළ එම්කේඒබී මාරතුගොඩගේ සේවය අවසන් කර තිබේ.
ජනාධිපති ලේකම් වෙනුවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (මානව සම්පත් කළමනාකරණ හා පාලන) සංජය කාරියවසම් විසින් ජුනි 17 දින සහිතව යවන ලද ලිපියක් මගින් එම ප්‍රවෘත්ති නිලධාරියාගේ සේවය අවසන් කර ඇති අතර එම ලිපියේ සඳහන් කර ඇත්තේ ජුනි 19 දින සේවයෙන් පසුව ඔහුගේ සේවය අවසන් කරන බවයි.
ඔහුව 2024.10.07 දින ජනාධිපති කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරි තනතුරට තාවකාලික පදනම මත පත්කර ඇති බව එම ලිපියේ සඳහන් වේ.
එම ඉවත් කිරීමට අදාළ ලිපියේ පිටපත් විගණකාධිපතිවරයා, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසකට යොමුකර තිබේ.

