උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන්, ඔවුන්ගේ දෛනික ජීවන අභියෝග සහ නීතිමය සාධාරණත්වය උදෙසා ඔවුන් ගෙන යන දිගුකාලීන සටන් ජාතිවාදී දෘෂ්ටි කෝණයන් ඉවත් කර, අනෙකාගේ වේදනාව හඳුනාගන්නා ප්‍රගතිශීලී සිංහල සමාජය වෙත සිංහල භාෂාවෙන් සමීප කිරීම සඳහා වන “සාක්ෂිය” මාසික ඩිජිටල් සඟරාව අප්‍රේල් මාසයේ සිට එළිදැක්වීඹට නියමිතයි.
නැගෙනහිර ජනතාවගේ හෘද සාක්ෂිය හා කටහඬ දෙමළ භාෂාවේ විසින් මතුකරන ආකාරයේ ප්‍රබලත්වයකින් ම සිංහල භාෂාවෙන් කියවන පාඨකයා වෙත ළඟා නොවීමේ බාධාව බිඳ දමා, කිසිදු සැඟවීමක් හෝ විකෘති කිරීමක් නොමැතිව දෙමළ ජනතාවගේ හඬ සිංහල භාෂාවෙන් ලේඛනගත කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවට පත්ව තිබෙනවා.
සාමාන්‍ය පුවත් පමණක් නොවන සමූහ මිනීවළවල් පිළිබඳ අධ්‍යයන, අතුරුදන් වූ දරුවා වෙනුවෙන් වසර 25ක් පුරා බලාසිටි මවකගේ කඳුළු, දේශපාලන සිරකරුවන්ගේ නීතිමය සටන් වැනි යම් සමාජයක ලේ සහ මස් සමඟ බැඳුණු සත්‍යයන් දකුණේ පාඨකයන් වෙත ඔවුන්ගේ මව්භාෂාවෙන් කියවීමට ලැබුණු විට පමණක්, නව අවබෝධයක් සහ මානවීයත්වය මත පදනම් වූ ජාතිවාදී ආස්ථානයකින් තොර වූ අර්ථවත් සංවාදයක් උපත ලබන බවට වන විශ්වාසය සමඟින් මෙම සඟරාව එළිදැක්වීමට නියමිත බවයි එහි සංස්කාරකවරුන් සඳහන් කරන්නේ.
ඒ අනුව අනෙකාගේ වේදනාව, එකිනෙකාගේ හෘදස්පන්දනය හඳුනාගන්නා ප්‍රගතිශීලී සිංහල සමාජයක් වෙත මෙම සඟරාව මඟින් විවෘත පණිවිඩයක් යවනු ඇති බවයි අප විශ්වාස කරන්නේ.
මෙම වට්ස්ඇප් චැනලය සමග එක්වීමෙන්, සඟරාව සහ එහි ලිපි සඳහා ඇති සබැඳි ඔබ වෙත නිරන්තරයෙන් ලැබෙනු ඇත.
Follow the Saakshiya channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCIouO65yDEMaijM215

