IMF නිසා රජයට ඉන්ධන හිඟයක දී ජනතාවට සහය සලසන්න බෑ ! ජනාධිපති කරපු “මම තෙල් වෙළෙන්දෙක් නෙවෙයි” ප්‍රකාශය වැරදි නෑ !!

මෙලනි ගුණතිලක

පෙබරවාරි 28 ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් එක්ක මේ වෙද්දි ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යමින් තියෙනවා. International Energy Agency එක හරහා තාවකාලිකව තෙල් සංචිත නිකුත් කලත් දිග කාලයකට තෙල් වෙළෙඳපොළ විචල්‍ය වීමේ පෙරනිමිති තමයි පේන්න තියෙන්නේ. ඉරාන ඊශ්‍රායලය යුද්ධය හදිසි තත්වයක් වශයෙන් සලකලා කලාපයේ ගොඩක් රටවල් තෙල් ඇතුළු බලශක්ති මිල, සැපයුම සහ බෙදාහැරීම නියාමනය කරන්න කටයුතු කරලා තියෙනවා.

ඒත් එක්ක ලංකාවෙත් ආයෙමත් QR සිස්ටම් එක ක්‍රියාත්මක කල යුතුයි, ඉන්ධන හා බලශක්ති මිල නියාමනය කළ යුතුයි කියලා ගොඩක් දෙනා කියනවා. මිල වැඩිවීමෙන් ආණ්ඩුව ලාබ ගන්නවා කියලා චෝදනා කරනවා.

එයාලා කිව්වට කලින් ආණ්ඩු කරපු තරම් ලේසියෙන් වර්තමාන රජයට මේක කරන්න බැරි IMF කොන්දේසි යටතේ කරපු ලිබරල්කරණ ප්‍රතිව්‍යුහගත කිරීම් නිසා. හාස්‍යජනකම කාරණය දැන් රජය මැදිහත් වෙලා මිල පාලනය කරන්න ඕනෙ කියන අය අතරේ බලශක්ති වෙළදපොල ලිබරල්කරණය කරන්න ඕනෙ, IMF යන්නම ඕනේ කියපු හර්ෂ ද සිල්වා වගේ අයත් ඉන්න එක. තෙල් මිල ඉහළ යාමෙන් ලාබ ලබනවට දැන් චම්පිකලා රජයට චෝදනා කලාට බලශක්ති ක්ෂේත්‍රයට කරපු ව්‍යුහාත්මක වෙනස්කම් වල අරමුණම රාජ්‍ය ආදායම ඉහළ දැමීම තමා.

IMF කොන්දේසි යටතේ ලංකාවේ රජයට තව දුරටත් ඉන්ධන හෝ බලශක්ති හිඟයකදි දේශපාලන හේතු මත නැත්නම් ජනතාවට සහන සහන සැලසීම අරමුණු කරගෙන මිල පාලනය කරන්න බෑ.

මේකට හේතුව cost recovery මිල ක්‍රමය යටතේ සහනාධාර නොදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) මෙහෙයුම් පිරිවැය ආවරණය වෙන විදිහට ඉන්ධන සහ විදුලි මිල නියම කිරීමට රජය බැඳිලා ඉන්න නිසා.

IMF ගිවිසුමේ මූලිකම කොන්දේසියක් විදිහට ඉන්ධන සහ විදුලිය සඳහා ස්වයංක්‍රීය මිල ගැලපුම් යාන්ත්‍රණයන් ඇතුළත් කරලා තියෙන්නේ බලශක්ති සහනාධාර තදබල ලෙස සීමා කරලා. 2025 ජනවාරි මාසෙ විදුලි මිල පහළ දැමීමත් එක්ක මේක ඉටු නොකල කොන්දේසියක් විදිහට සලකුණු කරලා තිබුණ නිසා 2025 හතරවෙනි සමාලෝචනයට පෙර රජයට මේ ක්‍රියාමාර්ගය ගන්න වුනා. ඒ කියන්නේ ඊළඟ IMF වාරිකය ලබාගන්න රජයට මේ කොන්දේසිය සපුරලා ඉන්න වුනා.

ඉතින් තෙල් මිල තීරණය කිරීමේ බලය වෙළඳපොලට පවරලා තියෙද්දි ජනාධිපති තෙල් මිල ඉහළ යාම ගැන “මම තෙල් වෙළෙන්දෙක් නෙවෙයි” කියලා කරපු ප්‍රකාශය වැරදි නෑ. මොකද දැන් ලංකාවේ තෙල් මිල තීරණය කරන්නේ වෙළඳපොල තමයි.

බලශක්ති වෙළඳපොල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට තාමත් යම් තාක්ෂණික බලතල තියෙනවා. හැබැයි ඒවා බොහොම පටුයි සහ සීමා සහිතයි. ඒ වගේම ඒ සමහර බලතල පාවිච්චි කිරීම IMF කොන්දේසි වලට අනුකූල නෑ කියලා සැලකෙන්නත් ඉඩ තියෙනවා.

උදාහරණයක් විදිහට Cost-recovery සීමාවන් ඇතුලේ සමස්ත පිරිවැය-ප්‍රතිසාධනය වන තාක් කල් තාවකාලිකව අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන් ආරක්ෂා වෙන විදිහට තීරුබදු සැලසුම් කරන්න රජයට පුළුවන්. හැබැයි NPP ආණ්ඩුව මේ වෙනකම් මූලිකත්වය දීලා තියෙන්නේ පුද්ගලික සමාගම් වල ලාභයට මිසක් ජනතා සුබසිද්ධියට නොවන නිසා මේ වගේ පියවර ගනියිද කියන එක සැක සහිතයි.

IMF කොන්දේසි වලට සීයට සීයක් අනුකූලව ජනතාවට සහන දෙන්න නම් රජයට කරන්න පුළුවන් අස්වැසුම වගේ ඉලක්කගත මුදල් සහන ලබාදෙන එක. Fiscal benchmarks වලට ලොකු බලපෑමක් ඇති නොකර බදු සහන දුන්නත් තෙල් මිලට ලොකු බලපෑමක් කරන්න බෑ.

ඕස්ට්‍රේලියාවේ policy think tank එකක් වෙන Lowwy Institute එක ඉරාන යුද්ධයත් එක්ක ප්‍රාග්ධන අහිමි වීමකටත් විනිමය අනුපාත පීඩනයටත් මුහුණ දෙන ණය බරින් පෙළෙන රටවල් විදිහට ශ්‍රී ලංකාව, පකිස්ථානය, ලාඕසය සහ බංග්ලාදේශය නම් කරලා තියෙනවා.

ආසියානු ආයෝජන බැංකු සහ මූල්‍ය පර්යේෂණ ආයතනවලින් එකක් වන Nomura ආයතනය සඳහන් කරලා තියෙන්නේ වර්තමාන මිල කම්පනය අතරතුර ආසියානු රජයන් වලට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අතරේ ඉදිරියෙන්ම තියෙන්නේ මිල පාලනය, සහනාධාර ලබාදීම, ඉන්ධන සුරාබදු බදු කප්පාදු කිරීම සහ ආනයන ගාස්තු අඩු කිරීම කියලා.

හැබැයි අවාසනාවකට කලාපයේ අනිත් ආණ්ඩු වලට ජනතාව ආරක්ෂා කරන්න පාවිච්චි කරන්න හැකියාව තියෙන මූල්‍ය උපකරණ IMF ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට පාවිච්චි කරන්න ඉඩක් නෑ. ඒ IMF EFF එක හරහා රටේ ණය තිරසාරබව අරමුණු කලාට දේශගුණික විපර්යාස, යුද්ධ වගේ අර්බුද නිසා ඇතිවෙන හදිසි තත්වයන් වලට පෙර සූදානම් වීමේ අරමුණක් IMF ගිවිසුමට ඇතුළත් නැති වීම නිසා.

සියලු තීරණ වෙළඳපොළට පැවරිය යුතුයි කියන ලිබරල් සහෝදරයන්ට බලශක්ති ස්වෛරීභාවය පරිධියේ රටක් වෙන ශ්‍රී ලංකාවට කොයිතරම් වැදගත්ද කියලා අත්දැකීමෙන්ම ඉගෙන ගන්න මේක වටිනා අවස්ථාවක් වෙන්න පුළුවන්, ඒත් හැමදාම වගේ ඒ වෙනුවෙන් මිල ගෙවන්න සිද්ධ වෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading