බදු නොගෙවීම හා බදු සඳහා ලියාපදිංචි නොවීම අපරාධ වරදක් ලෙස සැලකීම සංශෝධනයට ලක්කරමින් ආපස්සට නොගන්නා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පැවසීය.
දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මැයි 19 දින පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා එසේ පැවසූ අතර, ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් විසින් බදු නොගෙවීම හා බදු සඳහා ලියාපදිංචි නොවීම අපරාධ වරදක් ලෙස සැලකීම සංශෝධනයට ලක්කරන ලෙස කරන ලද ඉල්ලීමකට පිළිතුරු ලබාදෙමිනි.
ඒ පිළිබඳ පැහැදිළි කරමින් කබීර් හසීම් මන්ත්‍රීවරයා පැවසුවේ බදු ගෙවීම සඳහා ලියාපදිංචි වීම හෙවත් ටින් අංකයක් ලබානොගැනීම ද දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අනුව අපරාධ වරදක් ලෙස සැලකෙන බවත් හා එය ඉතා අසාධාරණ තත්වයක් බවත්ය.
