විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (නර්ඩ්) ඉංජිනේරුවන්ගේ පර්යේෂණ දැනුමෙන් පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන පැරණි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය වන වාහන (EV) බවට පරිවර්තනයට මුලපිරීම පසුගියදා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ දී සිදු කර ඇත.
මෙම නවීන තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ පර්යේෂණ මෙහෙයවීම නර්ඩ් පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කර තිබේ.
දිර්ඝ කාලයක් සිදු කළ පර්යේෂණ වලින් අනතුරුව ත්‍රිරෝද රථය කිලෝ වොට් 5ක මෝටරයකින් සහ කිලෝ වොට් 07ක බැටරියකින් බල ගැන්වෙන ලෙස නිර්මාණය කර තිබේ.
මෙම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 125ක දුරක් ධාවනය කිරීමට හැකියාව ඇති බව එම ඉංජිනේරුවන් පවසයි.
මෙම නවීන සොයාගැනීම බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ප්‍රබල පිටුවහලක් වන බවත් පෙට්‍රල් දහනය මගින් සිදුවන පරිසර දූෂණය අවම කිරීමට සැලකිය යුතු දායකත්වයක් මෙයින් ලැබෙන බවත් මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අබලි ත්‍රිරෝද රථයක් වුවද එය ඉවත නොදමා නවීන ත්‍රිරෝද රථයක් ලෙස භාවිතයට මෙමගින් හැකියාව ලැබෙන බවත්, ඒ සඳහා ධාවන වියදම කිලෝමීටරයකට රුපියල් පහක් පමණ අවම අගයක් වන බවද පෙන්වා දුන්නේය.
තව ද බලශක්ති කාර්යක්ෂමතාව තවත් ඉහළ නැංවීම සඳහා ඉදිරියේ දී ත්‍රිරෝද රථ වහලවල් මත සූර්ය පැනල සවි කිරීම සඳහා වූ පර්යේෂණ සිදු වෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
