තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “SGO/sgomine.com” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත.
තවද, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම් (Apps) විසින්ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
- Tiens Lanka Health Care (Pvt) Ltd
- Best Life International (Pvt) Ltd
- Mark – Wo International (Pvt) Ltd
- V ML International (Pvt) Ltd
- Global Lifestyle Lanka (Pvt) Ltd
- Fast3Cycle International (Pvt) Ltd
- Sport Chain app, Sport Chain zs society Sri Lanka
- OnmaxDT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
- Fastwin (Pvt) Ltd
- Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
- Ride to Three Freedom (Pvt) Ltd
- Qnet/ Questnet
- Era Miracle (Pvt) Ltd. And Genesis Business School
- Ledger Block
- Isimaga International (Pvt) Ltd
- Beecoin App and Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd
- Smart Win Entrepreneur (Pvt) Ltd
- Net Fore International (Pvt) Ltd./ Netrrix
- Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
