මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුළු රටපුරා ක්‍රියාත්මක වන පරිදි පනවන ලද හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුව අද (ජුනි 09) අනුමත කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන යෝජනාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමතිවරිය වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණ අතර 2026 මැයි 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම හදිසි නීති රෙගුලාසි පැනවීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබුනේ 2026 මැයි 28 දින අංක 2490/06 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගිනි.
හදිසි නීති රෙගුලාසි පැනවීමෙන් පසු එය දින 14ක කාලයක් තුළ පාර්ලිමේන්තුව මගින් අනුමත කිරීම සිදුකර ගත යුතු අතර මාසයක කාලයකදී යළි පැනවීම කළ යුතුය.
