ලංකාවේ න්‍යෂ්ඨික බලාගාර ගහන්න දෙනවාද? නැද්ද? තීන්දුවට අවුරුද්දක් යයි

ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය කරන  න්‍යෂ්ටික බලශක්තිය නිපදවීමට අවසර දිය යුතුද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට තවත් අවම වශයෙන් වසරක්වත් ගත විය හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ (SLAEB) සභාපති ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය ඊයේ (04) පැවසුවාය.

‘ද සන්ඩේ මෝනිං’ පුවත්පතට අදහස් දක්වමින් ඇය කියා සිටියේ, රජය මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවත්, ඉදිරි දශකය හෝ ඊට වැඩි කාලයක් සඳහා විය හැකි දීර්ඝ කාලීන අවශ්‍යතා සඳහා සූදානම් වෙමින් සිටින බවත්ය.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ඨික බලාගාර ඇති කිරීමට අවසර ලබා දුනහොත්, මෙරට ආයෝජකයන් නොව විදේශීය ආයෝජකයන් මෙරට එවැනි බලාගාර පිහිටුවනු ඇත.

බොහෝ විට ඉන්දියාවේ දැවැන්ත සමාගම් මෙරටට පැමිණීමේ ඉඩකඩක් ඇති අතර ශ්‍රී ලංකා භූමිය තුළ බලශක්තිය නිපදවා ඉන්දියාවට බලශක්තිය ලබා ගැනීමට ඉඩ තිබේ.

එය ශ්‍රී ලංකාවට අවදානම් සහගත මුත් විදේශීය සමාගම්වලට වාසියක් විය හැක.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තුෂාරා රත්නායක මහත්මිය පවසන්නේ,  තීරණයකින් පසු, අනෙකුත් විකල්ප ගවේෂණය කිරීම සඳහා වසරකින් පමණ පසු රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කළ හැකි බවයි.

මෙතෙක් කිසිවක් තීරණය කර නැති බවත් බලශක්ති ප්‍රතික්‍රියාකාරකයක් ආරම්භ කිරීමට පෙර පර්යේෂණාත්මක සංවර්ධනය සහ පූර්ව සූදානම් කිරීමේ කටයුතු සඳහා ද සහාය අවශ්‍ය වන බවත් ඇය සඳහන් කළා.

සමාජ මාධ්‍ය සහ සමහර වෙබ් අඩවි වල වාර්තා පළ වුවද, එක්සත් ජනපදය, රුසියාව හෝ චීනය වැනි රටවලින් ශ්‍රී ලංකාවට කිසිදු නිල උනන්දුවක් ප්‍රකාශ කිරීමක් ලැබී නොමැති බව ආචාර්ය රත්නායක මහත්මිය අවධාරණය කළා.

න්‍යෂ්ටික බලය සමඟ ඉදිරියට යාමට රජය තවමත් තීරණය කර නැහැ, ඒ වගේම අපි උනන්දුව ප්‍රකාශ කිරීම් සඳහාද ආරාධනා කර නැහැ. මේ අවස්ථාවේදී අපි කරන්නේ ශක්‍යතා අධ්‍යයනය පමණයි යනුවෙනු ඇය පැවසුවාය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ නියෝජිත කණ්ඩායමක් පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ සමාලෝචන මෙහෙයුමක් සිදු කළ බව ද සභාපතිනිය පෙන්වාදුන්නා.

එම වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ, ඉදිරියට යාමට පෙර අපද්‍රව්‍ය කළමනාකරණය, හදිසි ප්‍රතිචාර දැක්වීම, ආරක්ෂාව සහ මූල්‍ය කටයුතු වැනි අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

මෙම කරුණු සම්පූර්ණ වූ පසු IAEA විසින් තාක්ෂණික සහාය ලබාදීම දිගටම කරගෙන යනු ඇතැයි ඇය පැහැදිලි කළා.

මේ වන විට සිදු කර ඇත්තේ මූලික අධ්‍යයනයන් පමණක් බවත්, රජය විසින් ස්ථානයක් තීරණය කරන තුරු සම්පූර්ණ පරිසර බලපෑම් තක්සේරුවක් සිදු කළ නොහැකි බවත් ඇය සඳහන් කළා.

 ස්ථාන තෝරා ගැනීම අභ්‍යන්තරව සිදුවෙමින් පැවතුන ද, සවිස්තරාත්මක තක්සේරුවක් සිදු කිරීමට පෙර රජය විසින් එම ප්‍රදේශය අනුමත කළ යුතු බව ද  සභාපති ආචාර්ය තුෂාර රත්නායක මහත්මිය පැහැදිලි කළා.

මේ අතර පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාද න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගත ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව නැවත අවධාරණය කර තිබුණා.

න්‍යෂ්ටික බලය ගෝලීය වශයෙන් විශ්වාසදායක සහ අඩු කාබන් සහිත බලශක්ති ප්‍රභවයක් ලෙස පිළිගැනෙන නමුත්, ශ්‍රී ලංකාව මෙතෙක් කිසිදු විධිමත් කැපවීමක් කර නොමැති බව ඔහු පෙන්වාදුන්නා.

ජයකොඩි මහතා පැවසුවේ, “ඇත්තටම මේ ගැන මතභේදයක් නැහැ. ලොව පුරා, විශේෂයෙන් සංවර්ධිත රටවල න්‍යෂ්ටික බලය වඩ වඩාත් විශ්වාසදායක වෙමින් පවතිනවා. උදාහරණයක් ලෙස ඉන්දියාව, තෝරියම් පදනම් කරගත් න්‍යෂ්ටික පර්යේෂණවල සැලකිය යුතුප්‍රගතියක් ලබා තිබෙනවා.” යනුවෙනි.

මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සහතික වෙමින් ඔහු මෙලෙස අදහස් පළ කළා.

“න්‍යෂ්ටික අනතුරු දුර්ලභ වන අතර ඒවා සාමාන්‍යයෙන් සිදුවන්නේ මිනිස් දෝෂ හේතුවෙන්. පාරිසරික දෘෂ්ටිකෝණයකින් බලන විට, න්‍යෂ්ටික බලය විශාල පරිමාණයේ පිරිසිදුම බලශක්ති විකල්පයන්ගෙන් එකක්.”

 ඔහු තවදුරටත් කියා සිටියේ, විකිරණ ඵලදායී ලෙස පාලනය කළ හැකි බවත්, න්‍යෂ්ටික අපද්‍රව්‍ය ආරක්ෂිතව ගැඹුරු භූගෝලීය ගබඩාවල තැන්පත් කරනු ලබන බවත්ය.

 “මෙය මිනිසුන් බිය විය යුතු දෙයක් නොවෙයි. උදාහරණයක් ලෙස, දකුණු ඉන්දියාවේ බලාගාරයක් නාගරික ප්‍රදේශවල සිට කිලෝමීටර් 40 ක් දුරින් ආරක්ෂිතව ක්‍රියාත්මක වෙනවා.”

න්‍යෂ්ටික බලශක්තිය ශ්‍රී ලංකාවේ කාබන් පියසටහන අඩු කිරීමට සහ දේශගුණික විපර්යාස අවදානම් අවම කිරීමට උපකාරී වන බවත් ජයකොඩි මහතා අවධාරණය කළා. කෙසේ වෙතත්, ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රවේශමෙන් සැලසුම් කිරීම, ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වීම සහ දිගුකාලීන සූදානම අත්‍යවශ්‍ය බවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා දැඩිව අවධාරණය කළා.

Author

1 Comment

  • In head line “න්‍යෂ්ඨික” is wrong. “න්‍යෂ්ටික” is correct.

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading