(අසේල කුරුළුවංශ)
ජලය පානය කිරීමෙන් මරණය පවා අත්වන මට්ටමක් දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය දූෂණය වී තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය වී තිබේ.
වැව් ජලයේ පොස්පෙට් හා නයිට්‍රේට් මට්ටම සාමාන්‍යයෙන් පැවැතිය යුතු මට්මටම වඩා පස් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවට පර්යේෂණ වාර්තාවක් මගින් මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දී ඇත.
ජලයේ සම්මත උපරිම පොස්පෙට් මට්ටම 0.20 ක් විය යුතු වුවද ග්‍රෙගරි වැවේ එම ජලය 1.04 ක් දක්වාත් සම්මත උපරිම නයිට්‍රේට් මට්ටම 0.50 විය යුතු වුවද එය 3.7 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීරආරච්චි මහතා කීය.
ද්‍රවිත ඔස්සිජන් මට්ටම 6.5-08 අතර පැවතිය යුතු වුවද ග්‍රෙගරි වැවේ එම අගය 5.20 දක්වා පහත බැස ඇත. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම 9.72 ක් වැනි ඉතා ඉහළ අගයක් ගෙන තිබෙන බවද සුරවීරආරච්චි මහතා පැවසුවේය.
