අවධානයෙන් ඉන්න! කාන්තා-ළමා වීඩියෝ විකුණන ෆේස්බුක් ජාවාරම ගැන නිවේදනයක්

මුහුණුපොත (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සමූහ කණ්ඩායම් සාදාගෙන කාන්තාවන්ගේ සහ ළමුන්ගේ පෞද්ගලික ඡායාරූප මෙන්ම ලිංගික දර්ශන මිලදී ගැනීමේ සහ මුදලට විකිණීමේ මාර්ගගත ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික සොයා බැලීම්වලින් හෙළිවූ කරුණු පදනම් කරගනිමින් මෙම විමර්ශන ආරම්භ කර ඇති බවත් මේ වන විටත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින්ද මේ පිළිබඳව වීඩියෝ සහ ලිපි මගින් සමාජය පුළුල් ලෙස දැනුවත් කරමින් පවතින බවත් එම නිවේදනයෙ සඳහන්.

අදාළ සමාජ මාධ්‍ය සමූහ පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ගිණුම් හරහා තම සමීපතමයන්ගේ සහ පවුලේම සාමාජික කාන්තාවන්ගේ පෞද්ගලික ඡායාරූප මෙන්ම වීඩියෝ පට මෙලෙස බෙදාහැරීමට හා මුදලට විකිණීමට උත්සාහ කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් මෙම සමූහ බොහොමයක් විදේශ රටවල සිට මෙහෙයවන බවත් හඳුනාගෙන ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

තම පවුලේ කාන්තාවන් සහ ළමුන් නිවස තුළදීම මෙලෙස අනාරක්ෂිත වීමේ අවදානමක් පවතින බැවින්, දෙමව්පියන් තම දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සහ ඔවුන් ඇසුරු කරන මිතුරන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස අමාත්‍යාංශය නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කළා.

පවුලේ සාමාජිකයෙකු මෙවැනි ජාවාරමක ගොදුරක් හෝ ඇබ්බැහි වූවෙකු වී ඇති බවට සැකයක් පවතී නම්, ඔවුන් මනෝ සමාජයීය උපදේශනයට යොමු කිරීමට හෝ නීතිමය සහය ලබාගැනීමට පහත ගාස්තු රහිත දුරකථන අංක භාවිත කළ හැකි බව එහි සඳහන් වනවා.

1938 – කාන්තා උපකාරක සේවය

  • 1929 – ළමා උපකාරක සේවය

Author

Related Posts