නේපාලය සහ ටිබෙට් දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් හටගෙන ඇති අතර, ඉන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් සෙවීම සහ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
අදාළ ප්‍රදේශවල දැනට පදිංචිව සිටින හෝ සංචාරවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ යම් තොරතුරක් අවශ්‍ය නම් හෝ ඔවුන් වෙනුවෙන් සහායක් ඉල්ලා සිටින්නේ නම්, වහාම අමාත්‍යාංශය හා සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
ආපදාවට ලක්වූවන් හඳුනා ගැනීමට සහ ඔවුන් වෙත සහනාධාර ලඟා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව මැදිහත් වෙමින් සිටින බව පැවසේ.
මෙම තොරතුරු ලබා ගැනීම සහ සන්නිවේදන කටයුතු සඳහා මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා සම්බන්ධ කර ගත හැකිය
- ජංගම දුරකථන / WhatsApp: 070 7887778
- දුරකථන : 0112 473899
- විද්‍යුත් තැපෑල (Email): publicity@mfa.gov.lk
මේ වන විට අමාත්‍යාංශය වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින්, තොරතුරු වේගවත්ව හා නිවැරදිව හුවමාරු කර ගැනීම සඳහා හැකි සෑම විටම WhatsApp ඔස්සේ පණිවුඩ යොමු කරන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
අදාළ නිවේදනය පහතින්

