අනුර මහානායක හිමිවරුන් දෙදෙනාම හමුවෙලා!

අසේල කුරුළුවංශ

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනය මේ මොහොතේ සිදු කිරීම යෝග්‍ය නොවන බවට දන්වමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපතිවරයා වෙත යොමුකළ ලිපිය සම්බන්ධයෙන් රටේ මහත් ආන්දෝලනයක් ඇතිවීමෙන් පසුව පළමු වතාවට ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (27) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සමඟ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු රැසක් සම්බන්ධව මෙහිදී ජනපතිවරයා සාකච්ඡා කර තිබේ.

මල්වතු මහා විහාරයේදී මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ජනපතිවරයා සාකච්ඡා කළ අවස්ථාවට මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පුජ්‍ය මහවෙල රතනපාල නාහිමියන්ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතාද සහභාගි විය.

අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිට ජනපතිවරයා එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන සාකච්ඡාවක නිරත විය.
ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ සිට අවසන් රන්දෝලි මහ පෙරහර නැරඹීමටද ජනපතිවරයා එක් වුයේය.

ඇසළ පෙරහර සමාප්ති උත්සවය හෙට (28) ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර ජනපති මන්දිරයේදී පැවැත්වෙයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading