අල්ලස් කොමිසම ගැන බොරු කියන අයට නීතිමය පියවර

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එරෙහිව පදනම් විරහිත සහ නොමග යවනසුළු ප්‍රකාශ ප්‍රචාරය කරන පුද්ගලයන්ට හා ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට දන්වමින් එම කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (02) එම මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, යුක්තිය පසිඳලීමට බාධා කිරීම, දූෂණය පිටුදැකීමේ සටන සම්බන්ධයෙන් මහජනයා තුළ ඇති විශ්වාසය අවතක්සේරු කරන පදනම් විරහිත ප්‍රකාශ ප්‍රචාරය කිරීම, අවභාවිතා කළ නොහැකි බවයි.

එමෙන්ම විවිධ සැඟවුණු අරමුණු සහිතව කටයුතු කරන ඇතැම් පුද්ගලයන් හා ආයතන විසින් විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඔස්සේ කොමිෂන් සභාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  දැඩි කනස්සල්ල පළ කළා.

ඒ අනුව, කොමිෂන් සභාව සම්බන්ධයෙන් වැරදි සහගත ප්‍රචාර සිදු කරන හෝ කොමිෂන් සභාවට හෝ එහි කටයුතුවලට අවමන් කරන පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත සහ අදාළ අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව කිසිසේත් පසුබට නොවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, මෙම වැදගත් කර්තව්‍ය සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීමට සහ ජනතා අවධානය වෙනතට යොමු කිරීමට දරන උත්සාහයන් පිළිබඳව අවදියෙන් සිටින ලෙස කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින් ,

Author

1 Comment

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading