හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්ච් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන වත්කම් විමර්ශනයකට අදාළව සහය නොදීමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා.
නෙවිල් වන්නිආරච්චි 2010 සිට 2014 දක්වා වසර පහේ වත්කම් ප්‍රකාශ ලබා නොදීම සම්බන්ධයෙන් 2018 දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ වරද පිළිගත්තා. එම අවස්ථාවේ ඔහුට නියම වූයේ රුපියල් දහස බැගින් පන්දහසක දඩයක් පමණයි.
එසේ වුවද ඔහු එලෙස වත්කම් සැඟවීමට වරදකරු වුව, අයුතු ලෙස උපයාගත් වත්කම් පිළිබඳ ප්‍රමාණවත් විමර්ශනයක් කරනු ලැබුවේ නැහැ. නෙවිල් වන්නිආරච්චි සතුව මගී ප්‍රවාහන බස් රථ 12ක් ටිපර් රථ 08ක් ඉන්ධන පිරැවුම් හල් 03ක් ආදී දේපළ ඇතැයිද වානිජ බැංකු 32ක සහ මූල්‍ය ආයතන 47ක මුදල් සඟවා තිබෙන බවද කරුණු හෙළි වී තිබුණා. මෙලෙස උපයාගත් ධනය පිළිබඳ නඩු පැවරීමට මෙන්ම එම දේපළ නැවත ලබා ගැනීමේ හැකියාවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පවතිනවා.
