ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ, 2025 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ මාස අටක කාල පරිච්ඡේදය තුළදී, මෙරටට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක විශාල වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගෝස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි සඳහන් වනවා.
මෙහිදී, මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම වාර්තා වන්නේ 2025 අගෝස්තු මාසයේදී වන අතර, එය ඩොලර් මිලියන 255.7ක් බව මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.
2025 එක් එක් මාසය තුළදී මෙරටට වාහන ආනයනය සඳහා දරා ඇති වියදම (ඩොලර් මිලියන වලින්):
ජනවාරි – 29.1
පෙබරවාරි – 22.3
මාර්තු – 54.0
අප්‍රේල් – 145.6
මැයි – 125.2
ජූනි – 169.6
ජූලි – 206.0
අගෝස්තු – 255.7
