වැලිකඩ පොලීසිය කැළඹූ විරෝධය ගැන සංවිධායකයෙක් කියන කතාව

අප්‍රේල් හයවැනිදා හැන්දෑවරුවේදී තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් වැලිකඩ පොලීසිය ඉදිරිපිට විරෝධයක් පැවතුණා. ඒ සත්සර නිමේෂ් නම් වූ තරුණයාගේ මරණයට විරෝධය පළ කරමින්, එයට අදාල පියවර ගන්නා ලෙස ඉල්ලමින්.

මෙම විරෝධයේ සංවිධායකයෙකු වූ සුචිත් අබේවික්‍රම ජාතික ජන බලවේගයට සහයෝගය දැක්වූ තරුණයෙක්. ඔහු සිය අදහස මෙලෙස ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණා.

‘අප වැලිකඩ පොලීසිය ඉදිරිපිට සත්සර නිමේශ් වෙනුවෙන් යුක්තිය ඉල්ලන විරෝධතාවයට විවිධ පසුබිම් වල පුරවැසියන් 120ක් පමණ සහභාගී වුනා.

අප විරෝධතාවය අතරතුර එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට ස්ථානමාරුවක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වැඩ තහනමට ලක්කර ඇතිබව දැනගන්න ලැබුනා.

පසුගිය දින කිහිපුය තුල විවිධ කන්ඩායම් වල බලපෑම් වල ප්‍රතිඵලයක් තමයි මේ මූලික පියවර.

සත්සර නිමේශ් ගේ අනීතික සහ අවාසනාවන්ත මරණය වෙනුවෙන් අප සමාජයේ බොහෝදෙනෙක් සංවේදී වුනා. සමහර විට ඒ තරුණ හීන, අපේ හීන වගේ දැනුන නිසා වෙන්න ඇති. මෙලෙස පොලිස් හිංසනයට මීලඟට ලක්වෙන්නේ ඔබ, මම හෝ අපේම පවුලේ අයෙක් හෝ මිතුරකු හෝ වෙන්න පුලුවන්.

සත්සර නිමේශ්ට නිවන් සුව පතනවා. ඔහුගේ සමීපතයන්ට මේ අපහසු මොහොතට මුහුණ දෙන්න ශක්තිය පතනවා.

මේ ඝාතනය සම්බන්ධව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අප්‍රේල් 09වන දා මැජෙස්ත්‍රාත් අධිකරණ 04 දී නීතිමය ක්‍රියාමාර්ග හරහා අපක්ෂපාතී විශේෂ විමර්ශනයක් ඉල්ලා සිටින බව දැනගන්න ලැබුනා. මේදේ පැහැදිලි කරමින් නීතිඥ තරුශි දිශාරා පැහැදිලි කලේ නීතිමය ක්‍රියාකරම්වලටත් පොදු සමාජ බලපෑම වැදගත් බවයි.

ඒත් එක්කම සත්සර නිමේශ් ගේ ඝාතනය, පොලිස් බාරයේදී සිදුවූ අවසනාවන්ත මරණ වලින් එකක් පමණයි. වැලිකඩ පොලිසියේදීම මීට වසර 2 කට පමණ පෙර ආර්. රාජ්කුමාරී පොලිස් හිංසනයෙන් ඝාතනය වුනා. යාපනයේ වඩ්ඩුකෝඩෛ හිදී නාගරාසා අලෙක්ස්; නාරම්මල දී රොශාන් කුමාරසිරි; වාද්දුවේදී ආර්. එම්. සමිත දිල්ශාන් යන අය පොලිස් හිංසනයන් යටතේ ඝාතනය වුන අයගෙන් කිහිපදෙනෙක්.

හිංසනයෙන් පිරි පොලිස් සේවය විපරිවර්තණය කරන්න නම්, වඩා පුළුල්ව පොලිස් බාරයේදී සිදුවන හිංසන සහ ඝාතන වැලැක්වීමට ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකල යුතුයි. මේ ක්‍රම වෙනස සඳහා රජයට මෙන්ම පුරවැසි අපටත් වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම අප සමාජය තුල බලය අවභාවිතයන්, හිංසනයන්, මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයන් උත්කර්ෂවත් කිරීම වෙනස් කල යුතුයි.

පොලිස් සේවාව ජනතාවාදී, නීතියට අනුව ක්‍රියාත්මක වන උසස් වෘත්තීය සේවාවක් ලෙස ගොඩ නැගිය යුතුයි. මේ සඳහා ගත හැකි ක්‍රියාමාරග බොහොයි. ඉන් අතුරින් වැදගත් කිහිපයක් ලෙස පහත යෝජනා මා දකිනවා.

  1. පොලිස් පුහුණුව යාවත්කාලීන කර මානව ගරුත්වය, අයිතිවාසිකම් සහ නීතිය මත පදනම්ව ක්‍රියාත්මක උසස් වෘත්තීයමය පොලිස් සේවාවක් ලෙස ගොඩ නැගීම.
  2. අනීතික සහ මිලේඡ පොලිස් ක්‍රියාකරම් වගවීමට ලක්කර වඩා සත්‍ය සහ යුක්ති ගරුක පොලිස් සේවාවක් බවට පත්කිරීම.
    තවමත් පැරණි මජර දේශපාලනය තුල ශක්තිමතවූ දූශිත පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත්කිරීම.
  3. අපේ රටේ ජනතාවගේ විවිධත්වයට ගැලපෙන ලෙස විවිධ ජනවර්ග වලින්, භාශා හැකියාවන්ගෙන්, සහ සහකම්පනය ආදී මානුෂික ගුණ වලින් පිරි නව පොලිස් සේවාවක් ලෙස දියුණු කිරීම.
  4. මිනිස්සුන්ට එරෙහිව හිංසනයට අවභාවිතා වන සහ යල්පැනපු නීති යාවත්කාලීන කිරීම
  5. උසස් නිලධාරීන් විසින් බලය භාවිතා කරමින් පහල නිලධාරීන් පෙළෙන, පහළ නිලධාරීන් මෙම පීඩනය පුරවැසියන් මත අනීතික ක්‍රියා තුලින් පටවන සංස්කෘතිය වෙනස් කොට වඩා ගරුසම්පන්න පොලිස් සේවාවක් බවට පත්කිරීම.
  6. තාක්ශණය භාවිතා කරමින්, CCTV, BodyCam, GPS, mobile apps ආදිය හඳුන්වාදීම. සියලු පොලිස් ස්ථාන වල කැමරා හයිකිරීම සහ සැකකරුවන් සහ අන්පාර්ශව සමග කරන ගනුදෙනු වලදී bodycam භාවිතය.
  7. පොලිස් බලය අවභාව්තය සහ පොලිස් හිංසන සිදුවන අවස්ථාවලදී යුක්තිය පසඳාලීම සඳහා වඩාත් යුහුසුලු සහ කාර්‍යක්ශම ක්‍රියා පටිපාටි හඳුන්වාදීම.

අපි බලාපොරොත්තුවෙන යුක්තිගරුක සහ නිදහස් සමාජය වෙනුවෙන් කැපවෙමු. මේ හිංසාකාරී පද්ධතිය වෙනස්කරමින්, ඉදිරියදී මෙවැනි අනීතික පොලිස් ඝාතන වලක්වා ගමු.‘

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading