අගමැතිගේ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා -ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ අගමැතිවරයා විධායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇති කරන්න කටයුතු කරන බවයි.

එසේම අවුරුදු 5 ක ජනාධිපතිවරයා පත් කළොත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග විසිකර දමලා රට පාලනය කරන්න පුලුවන් යැයි මන්ත්‍රීවරයා අවධාරණය කලා.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලෙස ලබාදුන් අතුරු තහනම් නියෝගය අනුගමනය නොකළ යුතු යැයි අගමැතිවරයා ප්‍රකාශ කිරීම තුළින් පොලිස් දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ටත් අගෞරවයක් බව පවසා සිටියා.

තවද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග පාර්ලිමේන්තුවට වෙනස් කිරීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණයක් රටට අවශ්‍ය වන්නේ නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පිළිබඳව අදහස් දැක්වීමට පාර්ලිමේන්තුවට බලතලයක් හෝ සුදුසුකමක් නැති බව ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading