ජනපතිගේ පාසල් වසා දැමීමේ කතාවට ගුරු සංගමයේ දැඩි විරෝධය

සිසුන් සංඛ්‍යාව 50කට අඩු පාසල් 1,800ක් පමණ වසා දැමිය යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා දැඩි විරෝධය පළ කරයි.

Whatnews කළ විශේෂ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ, සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍යවරයාව සිටියදී පත් කළ කමිටුවක නිර්දේශ අනුව, සිසුන් 100කට අඩු පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විශේෂ කමිටුවක් මගින් සංවර්ධනය කිරීමට නිර්දේශ කර ඇති බවයි.

පීඩිත පංතිය නියෝජනය කරමින් බලයට පැමිණි ආණ්ඩුවක් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම කණගාටුවට කරුණක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

හැම දෙයක්ම ආර්ථිකමය වශයෙන් පමණක් බැලිය නොහැකි බවත්, මෙය IMF කොන්දේසිවලට අනුව සිදුකරන ක්‍රියාවලියක් බවත්, එය ක්‍රියාත්මක කළහොත් ඊට අදාළ සියලු පාර්ශව සමඟ එක්ව ඊට එරෙහිව විරෝධය පළ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading