Youtube මර්දනයට ඇටවූ නඩුවෙන්, නතාෂා බෲනෝ නිදහස්

නතා‍ෂා නිදහස් වූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපය

සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක පැමිණිලි මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර පසුව ඇප ලබා සිටින ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

නතාෂා ඇප ලැබූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපය

එසේම එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප පිට සිටින බෘනෝ දිවාකර ද නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට සාක්කි නැතැයි නීතිපතිවරයා කර තිබූ දැනුම්දීමක් මත මෙලෙස ඔවුන් නිදහස් කෙරෙිණි.

නතා‍සා එදිරිසූරිය විසින් කළ හාස්‍යමය ඉදිරිපත් කිරීමක් මත ඇයව අත් අඩංගුවට ගත් අතර එම වැඩසටහන සංවිධානය කළ බව චෝදනා කරමින් SL Vlog ප්‍රධානී බෲනෝ දිවාකර අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරනු ලැබීය. මාධ්‍ය හරහා ඔවුන්ට විශාල අපහාසයන් දියත් කිරීමත් සිදු විය.

Author

2 Comments

  • Great victory for free speech and expression and stand up comedy. Natasha, SL needs your talent. Bruno is doing his thing wonderfully well. As a woman, it might be a tough call, but go for it……we are with you.

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading