නාග ප්‍රතිඵලය (Cobra Effect)

ජගත් ගුණවර්ධන සමාජ මාධ්‍යවල ලියූවකි

කිසියම් ක්‍රියාමාර්ගයක් තුලින් අපේක්ශිත යහපත් ප්‍රතිඵලය වෙනුවට තිබුනාටත් වඩා අයහපත් තත්වයක් උදාවීමක් නාග ප්‍රතිඵලයක් ලෙස හඳුන්වනු ලබයි.

ආර්ථික විද්‍යාඥයකු වූ හෝර්ස්ට් සීබර්ට් (Horst Siebert) විසින් ඉන්දියාවේ සිදුවීම් මාලාවක් නිදසුන් කරගෙන තමන් විසින් මෙම සංසිද්ධි විග්‍රහ කිරීමට සහ එම ග්‍ර්න්ථයේ නම ලෙසත් මෙම නම භාවිතා කරන ලදී.

බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාව පාලනය කල කාලයේදී නව දිල්ලි නගරයේ නාගයන් බහුල වීමක් දුටු අතර ඊට පිලියමක් ලෙස නාගයෙකු මරා ගෙනවිත් දෙන්නෙකුට මුදල් ත්‍යාග පිරිනැමීමට ඔවුන් තීරනය කරන ලදී.මේ අනුව මරා දමන ලද නාගයාන් ගෙන ඒම සහ මුදල් පිරිනැමීම කලක් තිස්සේ සිදුවිය​.කලකට පසු ක්ශේත්‍ර නිරීක්ශනයක යෙදුන බ්‍රිතාන්‍ය නිලධාරියකු දුටුවේ ඇතැමුන් මෙම ත්‍යාග ලබා ගැනීම පිනිස නාගයන් බෝකිරීමේ යෙදෙන බවයි.මේ නිසා එම ක්‍රමය අත් හිටුවන්නට යෙදුනි.නමුත්,මුදල් ලබාගත නොහැකි වූ විට නාගයින් බෝ කරන්නන් තමතමන් සතුව තිබූ නාගයන් නිදහස් කිරීම නිසා නව දිල්ලි නුවර මුලදී සිටියාටත් වඩා විශාල නාග ගහනයක් ඇතිවී තිබුනි.

සියලු ප්‍රශ්න සහ ගැටලු සරල ලෙස දැකීමට පෙලඹීම සහ ඒවා සඳහා සරල ඒක් රේඛීය විසඳුම් යෝජනා කිරීමත් තුලින් බොහෝ අවස්ථාවල නාග ප්‍රතිඵලයක් ඇතිවීම දැකගත හැකිවේ.ප්‍රශ්න සියල්ල සරල නොවේ.ඇතැම් ප්‍රශ්න සංකූල වන අතර තවත් ප්‍රශ්න සංකීර්න වේ.මේවායේදී සාධක ගනනාවක් අතර විවිධ අන්තර්ක්‍රියාවන් සිදුවන නිසා එකී අන්තර්ක්‍රියා පිලිඹඳව කිසියම් පමනකට හෝ හොඳ අවබෝධයක් නොගෙන සරල ලෙස බලා ඊට සරල ඒක රේඛීය විසඳුම් යෝජනා කිරීමත් තුලින් බොහෝවිට නාග ප්‍රතිඵලයක් ඇති වේ.

මේ වන විට මෙරට තුල දශකයකටත් අධික කාලයක් නොකඩවා ක්‍රියාත්මක වන ඇතැම් රෝග මර්ධන වැඩ පිලිවෙලවල්,නීති ක්‍රියාත්මක කිරීමෙවල ස්වභාවය යනාදිය දෙස බලන කල මින් ඇතමක් නාග ක්‍රියාවලිය පෙන්නුම් කරන බව පෙනී යයි.

කිසියම් ගැටලුවක් සඳහා ඉදිරිපත් කරන විසඳුම නාග ක්‍රියාවලියක් බවට පත්වී තිබේද යන්න අනාවරනය කර ගැනීමට ඒ පිල්ඹඳව ලැබෙන සංඛ්‍යා ලේඛන වලින් සෑහීමකට පත් නොවී සහ උද්දාමයට පත් නොවී එහි වෙනස් පැතිකඩ පිලිඹඳව ගැඹුරින් විමසා බැලිය යුතු වේ.එවන් විටදී අනාවරනය නොවී තිබෙන සාධක එකක් හෝ වැඩි ගනනක් ක්‍රියාත්මක වීම නිසා ඇතිවී තිබෙන විශම තත්වයන් අනාවරනය ක්‍රගත හැකිවේ.

එසේ නොකරන තාක් කල් බැලූ බැල්මට සාර්ථක ලෙස පෙනෙන නාග ප්‍රතිඵලයක් සාර්ථක විසඳුම් ලෙස දකිනා මුලාවට ගොදුරු විම වැලැක්විය නොහැකි වන ඇත​.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading