අධික අව්ව පවතින කාලයේ නාරාහේන්පිට පාසලක දරුවන් පිරිසක් අව්වේ දණගස්වා සිටින දර්ශන පෙළක් සමාජ මාධ්‍යවල සංසරණය වී තිබේ.
එම දරුවන් දණගසාගෙන සිටින ස්ථානයේ ගුරුවරියද රැදී සිටින ආකාරය දර්ශනවල දක්නට ඇත. මෙම දඩුවම් කිරීම විශේෂයෙන් අවධානයට ලක් වී තිබුණේ මේ දිනවල අධික උෂ්ණත්වයක් පවතින පසුබිමක බව වාර්තා වේ.
ඒ කෙසේ වෙතත්, උෂ්ණත්වය නොපවතින තත්වයක වුව සිසුන්ට ශාරීරික දඩුවම් ලබා දීම නීතියෙන් තහනම් වන අතර, මේ පිළිබද මෑත ඉතිහාසය තුළ ලංකා ගුරු සංගමය, ළමා හිංසනයට තිත සංවිධානය ඇතුළු පාර්ශ්ව කරුණු ඉදිරිපත් කර ඇත.
මේ පිළිබද අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, සිසුන්ට ශාරීරික දඩුවම් දීම අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛවලින් තහනම් කර ඇති බවත්, ගුරුවරුන් ඒ පිළිබද දැනුවත් විය යුතු බවත්ය.
