මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත, ත්‍රස්ත විරෝධී පනත සහ කම්කරු නීති සංශෝධන වැනි ආණ්ඩුව හිතුමතේට ගෙන ආ පනත් කෙටුම්පත් සම්පත වුණොත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්තවාදය අවසන් වනු ඇති බවත්, දූෂිත ඒකාධිපති රාජ්‍යයක් සදාකාලිකව ස්ථාපිත වනු ඇති බවත් කාන්තා සංවිධාන සහ අනෙකුත් සිවිල් සංවිධාන ගණනාවක් ඒකාබද්ධව නිකුත් කරන ලද විශේෂ නිවේදනයකින් පෙන්වා දී තිබුණි.
මෙම නිවේදනය සකස් කිරීම සඳහා මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ක්‍රියාකාරීනි ශ්‍රීන් ෂරූර්, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් ඇතුළු ක්‍රියාකාරීනියන් පිරිසක් මූලිකත්වය ගෙන තිබීම විශේෂත්වයකි. පුද්ගලයන් 125ක් සහ සංවිධාන 37ක් මෙම නිවේදනයට අත්සන් තබා තිබුණි.
එම නිවේදනයේ දළ සිංහල පරිවර්තනයක් මෙසේය.
මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත සහ ත්‍රස්ත විරෝධී පනත – ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික අයිතීන් අවසන් කරන නීති සම්පාදනයන්
රජය විසින් ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත‘ සහ ‘ත්‍රස්ත විරෝධී‘ පනත යන නම්වලින් යුක්ත පනත් කෙටුම්පත් දෙකක් 2023 ඔක්තෝබර් 03 වැනිදා පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කරන ලැබීය. එම පනත් කෙටුම්පත් දෙකෙහිම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, නිදහස් ප්‍රකාශනය, තොරතුරු දැනගැනීමේ අයිතිය, රැස්වීමේ සහ සංවිධානය වීමේ අයිතිය නැති කර දමන බරපතල වගන්ති ඇතුළත් වේ. එම පනත් කෙටුම්පත් දෙකම රටේ මූලික අයිතිවාසිකම්වලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජන වේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතෙන් ජනාධිපතිවරයා විසින් පත් කොට, හිතුමතේට ඉවත් කිරීමේ හැකියාව තිබෙන ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ කොමිසම‘ පිහිටවනු ලබයි. එම කොමිසමට යම් කිසි ප්‍රකාශයක් අසත්‍ය ප්‍රකාශයක් ලෙස තීන්දු කොට, එය හුවමාරු කරගැනීම වැළැක්වීම සඳහා පියවර ගැනීමේ හැකියාව ලබා දී තිබේ. යෝජිත කොමිසමට මාර්ගගත (ඔන්ලයින්) ප්‍රකාශනයන්, මාර්ගගත ස්ථාන (වෙබ් අඩවි ආදිය) ඉවත් කිරීමට හෝ ප්‍රවේශය අවහිර කිරීම සඳහා පුද්ගලයන් වෙත විධාන නිකුත් කිරීමේ බලතල ලබා දී තිබේ. එම විධාන පිළිපැදීමට කටයුතු නොකළහොත්, සිර දඬුවම් සහ දඩ ආදී අපරාධ දණ්ඩන පැනවීමේ හැකියාව තිබේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත මාර්ගගත මාධ්‍යවේදීන්, ක්‍රියාධරයන්, කලාකරුවන්, විද්වතුන්, ලේඛකයන් මෙන්ම කාන්තා සංවිධාන, මානව හිමිකම් ආරක්ෂකයන්, වෘත්තිකයන්ගේ සංවිධාන ඇතුළත්ව රජයට එරෙහිව අදහස් දැක්වීමට තරම් නිර්භය වන වෘත්තිය සමිති, සිවිල් සමාජ සංවිධාන සහ පුරවැසියන් රාජ්‍ය හිංසනයට ලක් කිරීමේ සංස්කෘතියක් ස්ථාපිත කිරීමේ ශක්‍යතාවයෙන් යුතුය.
ප්‍රකාශනයේ, කතා කිරීමේ සහ තොරතුරුවලට ප්‍රවේශ වීමේ මූලික අයිතීන්ට පමණක් නොව, එම අයිතීන් කියාපෑම උදෙසා විරෝධතා පැවැත්වීමේ සහ ඒකරාශී වීමේ නිදහස පවා සීමා කොට විනාශ කිරීමේ හැකියාව රාජ්‍යයට ලැබෙනු ඇත.
ඒ පසුපස නොනැවැත්විය හැකි ලෙස ඇති වන පුරවැසි ස්වයං- නියාමන තත්වයක් තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකම වටිනාකම වූ ශ්‍රී ලාංකික ජනතාවගේ ස්වාධිපත්‍යයට, කිසිදු ගරුත්වයක් නොමැති අධිකාරීවාදී සහ ඒකාධිපති පාලනයක් තහවුරු කරනු ඇත. අද අප පාලනයෙහි දකින වගවීමක් නොමැතිකම සහ දූෂණය රාජ්‍ය පාලනයෙහි සදාකාලික ස්වරූපය වනු ඇත. ශ්‍රී ලාංකික පුරවැසියන් සහ අනාගත පරම්පරාවලට එයින් සිදු වන බලපෑම අතිමහත් සහ නැවත හැරවිය නොහැකි මට්ටමක පවතිනු ඇත. මෙයින් සත්‍ය යනු රාජ්‍යය විසින්ම පමණක් නියම කරන ලද සම්පූර්ණ ඕර්වේලියානු (ජෝර්ජ් ඕර්වෙල් නම් ලේඛකයා විසින් සංකල්පගත කරන ලද අන්දමේ) රාජ්‍යයක් දක්වා ශ්‍රී ලංකාව පරිවර්තනය කරනු ඇත.
ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුව විසින් ඉවත් කරගන්නා බව කියන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නම් වූ මර්දන පනතම නැවත හඳුන්වාදීමක් වනු ඇත. එම පනතෙහි ‘ත්‍රස්තවාදය‘ පිළිබඳ නිර්වචනය කෙතරම් අපැහැදිලි සහ පෘථුලද කිවහොත්, රාජ්‍යය සිතෙන මොහොතක, සිදුවන ඕනෑම ක්‍රියාවක් ත්‍රස්ත ක්‍රියාවක් බවට පත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. ඕනෑම විරෝධතාවක් හෝ වර්ජනයක් ත්‍රස්ත ක්‍රියාවක් බවට පත් වනු ඇත. නිදහස් අදහස් පළ කරන ඕනෑම මොහොතක් ‘ත්‍රස්තවාදය‘ ඇවිස්සීමක් ලෙස වර්ගීකරණය කළ හැක. ඕනෑම සංවිධානයක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නිර්වචනය කළ හැක. ඕනෑම ප්‍රකාශනයක් ‘ත්‍රස්ත ප්‍රකාශනයක්‘ වනු ඇත. යම් පුද්ගලයෙකු ‘ත්‍රස්ත‘ සැකකරුවෙකු ගැන දැන සිටියත්, සම්බන්ධතාවක් පැවැත්වුවත් දඬුවමට යටත් කෙරෙනු ඇත. විධායක නියෝග මත පුද්ගලයන් රඳවා ගනු ඇත. මිලිටරි කණ්ඩායම්වලට අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ බලය ලැබෙනු ඇත. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේවත් ලබා දී නැති බලයන් ලබා දී ඇත.
ත්‍රස්ත විරෝධී පනතෙන් ශ්‍රී ලංකාව තුළ සදාකාලික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ඇති අතර, විධායකයේ ඒකාධිකරයට යට වූ මිලිටරි රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව රටට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන ජාත්‍යන්තර සමාජයට දී ඇති පොරොන්දුවකි. එහෙත් මෙම පනත් කෙටුම්පතෙන් කරන්නේ රාජ්‍යයට පුරවැසියන් මර්දනයට ලක් කිරීම සඳහා ඇති බලතල තවත් වර්ධනය කොට ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාවගේ මූලික අයිතීන් පවා ප්‍රතික්ෂේප කිරීමය.
ඉබේ හටගත්තක් නොව, නිර්මාණය කරන ලද්දක් වූ වත්මන් අර්බුදයට මෙරට පුරවැසියන් වගකිවයුතු නැත. මෙම අර්බුදයේ වගකීම ගන්නවා වෙනුවට, ආණ්ඩුව ණය ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී රාජ්‍ය බලය අවභාවිත කිරීම නිත්‍යානුකූල කිරීමටත්, ජනතාවට වග නොකියන පාලනයක් ප්‍රවර්ධනය කිරීමටත් නීති සම්පාදනය කරමින් සිටී. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පසුපස සැඟ වී වැඩකරන ජනතාවගේ ඉතුරුම් මුදල් කොල්ල කා ඇත. කම්කරු නීති සංශෝධන යෝජනා නම් වූ කඩතුරාවට මුවා වී වෘත්තිය සමිතිගත වීමේ අයිතිය අහිමි කිරීමට සහ කාන්තා ශ්‍රමය සූරා කෑමට නීති ප්‍රවර්ධනය කරයි. කාන්තා සේවයට අදාලව ජාත්‍යන්තර මට්ටමේ ලෝක කම්කරු සංවිධානය මෙන්ම, අනෙක් සංවිධානවලත් ප්‍රමිතීන්ට මෙන්ම මෙරට ව්‍යවස්ථාවට අනුකූල ලෙස නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරන බවට වගබලාගැනීම සඳහා මෙරට කාන්තා සංවිධාන සහ ක්‍රියාකාරිනියන් දායකත්වයක් දී ඇත. යෝජිත කම්කරු නීති අසමානුපාතික ලෙස කාන්තාවන් ඉලක්ක කර ඇති අතර, කාන්තා ශ්‍රමය සූරාකෑම තහවුරු කොට ප්‍රවර්ධනය කරමින් කාන්තාවගේ ආරක්ෂාවන් ඉවත් කරනු ඇත. මෙම නීති මගින්, සිදුවන වෙනස්කම් විවේචනයට ලක් කිරීම පවා සීමා කරනු ඇත.
ජාතික ආරක්ෂාවේ, ස්ථාවරත්වයේ, ආර්ථික වර්ධනයේ සහ සංවර්ධනයේ නාමයෙන් අතීතයේ පැනවූ මර්දන නීතිවල පීඩනය අපි අදටත් විඳින්නෙමු. රජය කළ යුත්තේ අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ප්‍රබුද්ධ නීති සම්පාදනයක නිරත වීමය. අවශ්‍ය වන්නේ මර්දන නීති ඉවත් කරන, මුල් බැසගත් දූෂණය නැති කිරීම, ජාතික සමගිය පෝෂණය කිරීම සහ අපගේ බහුවිධ සමාජයට සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදෙන බවට තහවුරු කිරීමේ න්‍යායපත්‍රයක්ය. අපගේ ව්‍යවස්ථාව තුළ ඇති, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් උදෙසා වූ මූලික වටිනාකම් උල්ලංඝනය කරන නීති සම්මත කරගැනීමට ආණ්ඩුවට ඇති මෙම වුවමනාව පෙන්නුම් කරන්නේ, රටේ ගමන් මාවත වෙනස් කරමින් දේශපාලන ඒකාධිපතිත්වයක් නිර්මාණය කිරීම උදෙසා වූ න්‍යායපත්‍රයකි. ඔවුන් මුවා වී සිටින කඩතුරාව වන්නේ, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බංකොළොත් ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමය.
මේ සියලු පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ගන්නා ලෙස කාන්තා සංවිධාන සහ අනෙකුත් සිවිල් සංවිධාන කණ්ඩායම් මෙන්ම උනන්දුමත් පුරවැසියන් ලෙස රජයට බල කර සිටින්නෙමු. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්පාදනයේදී සිදු වූ ආකාරයෙන් අදහස් විමසා පනත් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියක රජය නිරත විය යුතුය. එම නීතිය වගකීම් සහගත පාලනයක් පිළිබඳ ශ්‍රී ලංකා රජයට දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ සහතිකයක් ලබා ගැනීම සඳහා උපකාරී විය. මහමැතිවරණයෙන් පරාජය වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියත් නැතත්, දිවුරා වැඩ බාරගත් මන්ත්‍රීවරුන් මෙරට සාමාන්‍ය නීතියට සහ ව්‍යවස්ථාවට ගරු කළ යුතුමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව අනුව ඔවුන්ගේ රාජකාරිය වනුයේ,
‘නිදහස, සමානාත්මතාවය, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා…‘ ජනතා නියෝජිතයන් ලෙස නිහතමානී ලෙස කටයුතු කිරීමය.
අපි මේ සියලු පනත් කෙටුම්පත් අල්ලා ඉස් කරගන්නා ලෙසත්, සුදුසුකම් ඇති පුද්ගලයන් හා පුරවැසියන් සමග පොදු මහජන සංවාදයක් ඇති කර ගන්නා ලෙසත් රජයට බල කරන්නෙමු. පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන්ට ඉහත සඳහන් ව්‍යවස්ථානුකූල වරම අනුව කටයුතු කරමින්, උක්ත මර්දන පනත්වලට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස බල කරන්නෙමු.
මෙම නිවේදනයට පහත පාර්ශ්ව අත්සන් තබා ඇත.
Individual Signatories:
1. A. C. Fathima Husna (Attorney at Law)
2. A. Rose (Community Activist)
3. Aakiya Aman (Entrepreneur)
4. Ambika Satkunanathan (Former Human Rights Commissioner)
5. Ameena Hussein – Writer
6. Anberiya Haniffa – Director, Muslim Women’s Research and Action Forum,
Development Consultant
7. Aneesa Firthous (Women’s rights Activist)
8. Annie Kurien – Director Centre for Social Concern
9. Anuratha Rajaretnam (Coordinator Suriya)
10. Ashila Dandeniya (Labour Rights Activist)
11. Balarasa Ratneswary (Women’s Rights Activist)
12. Balasingam Sukitha (Women’s Rights Activist)
13. Bisliya Bhutto (Former Local Authority Member)
14. Chamila Thushari (Women’s Labour Rights Activist)
15. Chandani Herath (Chairperson Sunila Women and Children Development Foundation)
16. Chriten jeyaseelan Augustalima (Social Media Activist- Mannar )
17. Deepika Udagama – Professor of Law University of Peradeniya
Former Chairperson Human Rights Commission of Sri Lanka
18. Dr Tush Wickramanayaka (Child Rights Activist)
19. Dr. Chulani Kodikara – Polity Editorial Collective, Former Member of National
Committee on Women
20. Dr. Radhika Coomaraswamy –Fellow International Centre for Ethnic Studies
21. Dr. Ramani Jayasundera, Board Member Centre for Women’s Research
22. Dr. Selvi Thiruchandran – Former Member RTI Commission and Executive Director
Women’s’ Education and Research Centre
23. Dr. Sepali Kottegoda – Director Programmes and Research, Women and Media
Collective
24. Dr. Thiloma Munasinghe – Public Health Consultant
25. Dr. Thiyagaraja Waradas – Human Rights Activist
26. Duleep de Chickera, former Bishop, Anglican Church of SL
27. Ermiza Tegal – Attorney at Law
28. Faizun Zakeriya, Co- Founder & Director, Muslim Women’s Research and Action Forum
29. Fathima Ilma (Former Local Authority Member)
30. Geethika Dharmasinghe – Senior Lecturer University of Colombo
31. Geoffrey Alagaratnam – PC Former President of the Bar Association of Sri Lanka.
32. Hamthun Jumana – Women’s Rights Activist Mullaitheevu
33. J.R.A Dorin – Community Activist
34. Janakie Seneviratne – Women’s Rights Activist
35. Jayanthi Kuru-Utumpala (Women’s Rights Activist )
36. Jegatheeswaran Thayalini (Women’s Rights Activist)
37. Jegatheeswaran Varayalini (Women’s Rights Activist)
38. Jezima Ismail – Educationist, Former member Human Rights Commission of Sri Lanka
Co-founder Muslim Women’s Research and Action Forum
39. Justice Rohini Marasinge – Former Chairperson Human Rights Commission of Sri Lanka
40. Juwairiya Mohideen (Women’s Rights Activist)
41. K. Nihal Ahamed (Social Activist- Ampara)
42. K.Yogeshwary (General Secretary Working Women Front – Katugastota)
43. Kanaka Abeygunawardana (Independent Consultant)
44. Kanthaiyah Kalaivani (Political Activist)
45. Karuppaiya Saththiyaseelan (Women’s Rights Activist)
46. Kathirkamanathan Hemalarha (Women’s Rights Activist)
47. Kiruthika Thurairajah – Independent Consultant
48. Kunaraja Ajitha (Women’s Rights Activist)
49. Laxman Rajani (Social Worker)
50. M,Y. Minnathul Suheera (Attorney at Law)
51. M.Noorul Ismiya (Community Mobiliser)
52. Mahaluxmy Kurushanthan (Human Rights Defender – Mannar)
53. Mahendiran Nirmalathevi (Women’s Rights Activist)
54. Maithreyi Rajasingam – Director – Vilithu
55. Manjula Krishnamoorthy (Former Local Authority Member)
56. Mansoor Mafahira (Social Mobiliser – Mannar)
57. Marisa de Silva (Social Media and Community Activist)
58. Mohamed Majeed Jansila (Women’s Rights Activist – Mullaitheevu)
59. Mujeeba Mujeeb (Former Local Authority Member)
60. Nabeela Iqbal (Sisterhood Initiative)
61. Nadaraja Sumathy (CSO Activist- Ampara)
62. Nadhiha Abbas (Attorney at Law)
63. Nalini Rathnarajah (Women Human Rights Defender)
64. Nelum Gunesekera – Consultant – Gender and Social Inclusion.
65. Nirmalan Arththigan (Women’s Rights Activist)
66. P. Renukathevi (Program manager ESDF- Batticaloa)
67. Padma Pushpakanthi (Social Activist)
68. Padmini Weerasuriya (Executive Director)
69. Prema Gamage – Gender and Development Consultant.
70. Priyanthi Fernando- Former Executive Director Centre for Poverty Analysis Sri Lanka
and International Women’s Rights Action Watch Asia Pacific.
71. Prof Gameela Samarasinghe, University of Colombo
72. Prof Harendra de Silva (Emeritus Professor of Paediatrics University of
Colombo and Former Chairperson National Child Protection )
73. Prof Savithri Goonesekere – Emeritus Professor of Law, Former Vice Chancellor
University of Colombo
74. Prof. Camena Gunaratne, Open University
75. Rajabdeen Rasika (Women’s Rights Activist Mullaitheevu)
76. Rajany Rajeshwary (Feminist- Jaffna)
77. Ramani Mutthetuwegama (Attorney at Law)
78. Ranitha Gnanarajah (Attorney at Law)
79. Ravinthiran Kounthini ( Women’s Rights Activist)
80. Rev. Dr. Jayasiri T Peiris Former General Secretary of the National Christian Council of
Sri Lanka and Former Principal, Theological College of Lanka
81. Rev. S D P Selvan
82. Rifa Mohamed Musthafa (Social Activist- Ampara)
83. Rifsana Fiqry (Entrepreneur)
84. Rizani Hamin (Women’s Rights Activist)
85. S. Janeeta (Social Activist- Ampara)
86. Safana Gul Begum (Attorney at Law)
87. Sakuntala Kadirgamar – Executive Director, Law and Society Trust
88. Saliya Peries – PC Former President of the Bar Association of Sri Lanka.
89. Sarala Emanuel – Independent Researcher
90. Saratha Thevi (Psychosocial Counselor)
91. Saththiyaseelan Niththis (Women’s Rights Activist
92. Selvanathan Tharsan (Women’s Rights Activist)
93. Selvarasa Jeyantha (Women’s Rights Activist – Mannar)
94. Selvarasa Thileepan (Women’s Rights Activist)
95. Shafinaz Hassendeen, Retired International Labour Organisation Official, Director,
Muslim Women’s Research and Action Forum
96. Shareefa Ameer (Entrepreneur)
97. Shiranee Mills –Executive Director, Women’s Education and Research Centre.
98. Shireen Samarasuriya – Director, Voice of Women
99. Shreen Saroor (Human Rights Activist)
100. Shyama Salgado – Retired Official International Labour Organisation
101. Shyamala Gomez (Women’s Rights Activist)
102. Shyamala Sivagurunathan (Independent Consultant)
103. Shydha Zaara (Scoal Activist)
104. Sirany Thevakumar (Women Human Rights Defender)
105. Sithravel Ethayarani (Women’s Rights Activist)
106. Sitraleka Maunaguru –Independent Feminist Researcher – Batticaloa
107. Siva Mariyarosalin (Women’s Rights Activist
108. Sri Easwaray (Women’s Rights Activist)
109. Sri Kopika (Women’s Rights Activist)
110. Sulochana Peiris (Independent Writer and Documentary Maker
111. Sumika Perera- Director, Women’s Resource Centre, Kurunegala
112. Suntharalingam Saththiya (Women’s Rights Activist)
113. Suntharampillai Suganthi (Women’s Rights Activist)
114. Surendran Thamilini (Women’s Rights Activist- Mannar
115. Suresh Jayawardhane (Freelance Consultant and CSO Activist
116. Swasthika Arulingham (President Commercial Industrial Workers’ Union)
117. Thadchanamoorthy Navajothy (Women Human Rights Defender -Batticaloa)
118. Tharanga de Silva – Women and Media Collective
119. Vanie Simon (Women’s Rights Activist)
120. Vibooshi Balakrishnan (Human Rights Activist)
121. Vijayatheva Sasikala (Former Municipal Council Member – Batticaloa)
122. Vijitha Ehamparanathan (Women’s Rights Activist- Trincomalee)
123. Vipulan Shamini (Women’s Rights Activist)
124. Vivekananth Sinthuka (Women’s Rights Activist)
125. Y. Rinoza (Social Activist- Ampara)
Organizations and Collectives:
1. Affected Women’s Forum
2. Alliance for Minorities
3. Ampara District Alliance for Land Right (ADALR)
4. Cantre for Women’s Research
5. Centre for Equality and Justice
6. Centre for Social Concerns
7. Community Welfare Fund Sri Lanka
8. Dabindu Collective
9. Forum of Women Human Rights Defenders, Eastern Province
10. Human Elevation Organization (HEO)
11. Law and Society Trust
12. Liberation Movement
13. Malarum Mottukal Collective – Mannar
14. Mannar Women’s Development Federation
15. Muslim Women’s Development Trust
16. Muslim Women’s Research and Action Forum
17. Network of Women in local politics, Eastern Province
18. Network of Women with disabilities, Batticaloa district
19. Puttalam District Women’s Self Employment Reconciliation Forum
20. Rainbow Pillars for Creativity (Batticaloa)
21. Rural Development Foundation
22. Savisthri National Women’s Movement
23. Sri Vimukthi Fisher Women’s Organisation (Negombo)
24. Stand Up Movement Lanka
25. Suriya Women’s Development Centre
26. Vallamai-Movement for Social Change
27. VILUTHU
28. Voice of Women
29. Women Actions for Independent Development -WOMEN AID
30. Women and Media Collective
31. Women Development innovators
32. Women’s Action for Social Justice
33. Women’s Centre Sri Lanka
34. Women’s Action Network
35. Women’s Education and Research Centre
36. Women’s Resource Centre, Kurunegala
37. Working Women’s Front