Saturday, December 2

Congee cart නොහොත් කැඳ කරත්තය – නීතිඥ ලක්ෂාන් ඩයස් ලියයි

අම්මා තහනම් කර තීබු දේවල් අතර පාරේ විකුණන කැඳ බීම එකකී තහනම් කල බොහෝ දේවල දේ නොකරන අතර කල දේවල්වලින් එකක් වන්නේ පාරේ කැඳ කාරයන්ගෙන් කැඳ බීමය .

තායි කැඳ කරත්තයක්

කෑඳ බොන්න දෙන වීදුරුව හෝදන්නේ එකම පොදු වතුර ස්වල්පයකිනි. පිරිසිදුකම අඩු ය , ඒත් රස ය. ඒ හේතුවත් අම්මා කැඳ තහනම් කිරීමට හේතු වුණා විය හැක. රසය මා පෙලඹු කාරණයයි.

රෑට නුවර හෝ අනුරාධපුරයේ හෝ බස් එකක් එනතුරු පැය ගනන් බලා සීටී කාල වල කාන්සිය නිවා ගන්නට උණු උණුවේ කැඳ දෙන සව් කැඳ හෝ මුං ඇට කැඳ කෝප්පයක් හෝ දෙකම කලවම් කල කලවම් කැඳ එකක් බීම ශක්තිජනක වීම හා රීෆ්‍රෙෂ් වීමකි.

මොරටුවේ අපි පොඩි කාලේ 70 ගනන් වල ඉන්ධන අවම කාලේ කුඩු ලිපටම බැඳ තීබු විශාල ඇලුමිනියම් හට්ටියක රුලන් කැඳ විකුණන අයද වීය. කිරි සහ රුලං රහ ලුණු රස සමග ඉතා මිහිරි රසයක් ගෙන දුනි.

අද කැඳ ගැන ඇත්තේ වෙනම සංස්කෘතියකි. ඒය කෘත්‍රීම සේ මට පෙනේ. එය ජාතිකත්වය කලවම් කල අලුත් කැඳ සංස්කෘතීය කි. අපේ ගෙවල් දොරවල් වල තිබුන දේ අලුත්ම ආකාරයට මාකට් කීරීමකි.

අලුත්කඩේ කෑඳ බොන්නට ලැබිමද අත්දැකීමකී. කුකුල් මස් හා හරක් මස් කැඳ ඉතා රසය. හවසට අලුත්කඩේ අබ්දුල් මජීඩ් පාරට ඒන්න. වීදුරුව ඒකමයි.

කැඳ වලට පෘතුලව භාවීතා වන ඉංග්‍රීසි නාමය වන්නේ congee ය අඩු වැඩී වශයෙන් porridge යන නමින්ද හදුන්වන අතර නෝර්වේ වල ඉරිදා උදේ ආහාරය වන්නේ rice porridge ය අසල මහද්වීපයේත් හාල් වගා නොකරන සීතල නෝර්වේ වල රයීස් පොරීජ් හදන්නේ හබල පෙතී වලට සමාන ඒත් වෙනස් අධී පීඩිත ව තැම්බීම ට ලක් කොට වේලා ගත් පොරී වැනී සහල්ය. ඒන්නේ නේපාලයෙනී .

හොංකොං හෝ චීනයේ මෝර වරල් congee අධී මීල ආහාරය කී. පාරේ අයිනේ විශේෂ කඩ වල විකුණන නයී සුප් ද congee කැඳ වර්ගයකී. කලයුත්තේ අවශ්‍ය සර්පයා තේරීම පමණී. Congee ඔබේ අතේය.

කැඳ බොන අයට කන්ජී බීලා වගේ කියන්නේ කැඳ නිදිමතද වඩවන නිසාය. ඉස්සර ක්‍රිකට්වල කුජීත බෝල් යැවු අයට කන්ජී බෝල කියා කෑ ගැසුවාද මතකය. කන්ජී දෙමල භාෂාවේද භාවීත වේ.

උන හැදුනම බොන්නට දුන්නේ ලුනු කැඳය එය ඉතා සරල ආහාර පීරීය වඩ වන්නටම දෙන හා ආහාර ජීරනය වීමට පහසු කරන දීයර ආහරයකී.

ලමයීන්ට පොඩී කාලේ බඩේ අමාරු හැදුනම දෙන්නේ බැදී හාල් පොරී කැඳය , වී ඇට රත්වු කබලක දමා එවා පීපීරී හැදෙන පොරී ගෙන එයීන් කැඳ හදා අත දරුවන්ට දීම තුල ඔවුන්ට අවශ්‍යය දීයරමය අහාර ශක්තීය ලබා දේ.

අද කැඳ ගැන වීශේෂයෙන්ම රුලං කැඳ හා සව් කැඳ ගැන.

රුලං කැඳ

අවශ්‍ය දේ ;

රුලන් ග්‍රැම් 250

පොල් කිරි ග්‍රැම් 400

ලුනු ස්වල්පයක්

වතුර මිලී ලිටර් 400

සාදා ගන්නා ආකාරය:

වතුර ලිප තබා එය නටන වීට එයට රුලං සීයල්ල ටිකින් ටික දමා හැඳී ගාන්න , මෙය ඉතා ඉක්මනීන්න් කැටී ගැසෙන නිසා සීයල්ල දැමු පසු එයට පොල් ග්‍රැම් 400 මිරිකා ගත් දීය කිරී ලිටර් 100 ක් පමන එකතු කරන්න අනතුරුව එයට මිටි කිරී 300 ක් පමන එකතු කරන්න අවශ්‍යය පමනට ලුනු රසය ලැබෙන්න සේ ලුනුද එකතු කරන්න මෙය ඉතා ඉක්මනීන් කැටී ගැසෙන නිසා දීගින් දීගටම හැඳී ගාන්න පසුවට තබනවා නම් එය මීදීමට ඉඩ ඇත,.

සව් කැඳ ( මෙයට තම්බා ගත් මුං ඇට ආදේශ කල හැක )

සව් 350 g

පොල් ග්‍රැම් 400

සීනී 200 g

කිතුල් හෝ පොල් පැනී ලිටර් 300 හෝ හොඳීන් ගාගත් කිතුල් හකුරු 400 g

කෑලී කපා ගත් කජු මද ග්‍රැම් 100 g

එනසල් ග්‍රැම් 10

කරබු නැටී 3ක්

වීයලී මුද්දරප්පල්ම් ග්‍රැම් 200

වතුර මිලී ලිටර් 400

සාදා ගන්න ආකාරය

වතුර ලිප තබා එය නටන වීට එයට සව් එකත් කර දීගින් දීගටම හැඳී ගාන්න එය උකු ද්‍රාවනයක් වන වීට එයට ගා ගාගත් හකුරු හෝ හොඳීන් නටව ගත් සහ යම් පමනකට උකු කල කිතුල් පැනී එකතු කරන්න එයදා හොඳී දීයවන තුරු හැඳී ගාන්න සීනීද ටිකෙන් ටික එකතු කරන්න එයටම මුද්දරප් පලම් සහ කජුද එකතු කරමීන් හැඳී ගාන දැන් සීයල්ල අවසන් වු පසු පොල් කිරී පෙර පරීදීම මුලින් දීය කිරීද පසුව මිටි කිරීද වශයෙන් එකතු කර වීනාඩී 10 ක් පමන හැඳී ගාන්න දැන් වීදුරු කෝප්ප වල දමා බොන්නට දෙන්න.

මේ සටහන ලීවේ ප්‍රකට මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස්ය.

Author

%d bloggers like this: