ළමා දිනයේ ඩෙනිමක් ඇඳපු සිසුවිය ‘මිනිහෙක් වගේ‘ කියා, විදුහල්පති හිමිනම කණට ගහලා! දැරිය රෝහලේ

ලෝක ළමා දිනය දා අඳින්නට අලුත් ගවුමක් නොමැති අවස්ථාවේදී ඩෙනිම් කලිසමක් සහ ටී ෂර්ටයක් ඇඳගෙන ආවේ මන්දැයි අසමින් කෑගල්ල ප්‍ර දේශයේ විද්‍යාලයක විදුහල්පති හිමි නමක හා උප ගුරුවරයෙකු කනට පහර දුන්නායැයි පවසා ශිෂ්‍යාවක් ඔක්තෝබර් 16 වැනිදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී තිබේ.

15 හැවිරිදි ශිෂ්‍යාවක් මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එම ශිෂ්‍යාව ඔක්තෝබර් 01 වැනිදා විද්‍යාලයේ විදුහල්පති හිමි නම ඇතුළු ගුරුවරුන් සංවිධෘනය කර තිබුණු ළමා දින සැමරුමට සහභාගී වී තිබුණු අතර, ශිෂ්‍යාවන්ට පාට ගවුම් ඇඳගෙන එන ලෙස දැනුම් දී තිබුණි.

එහෙත් පහරකෑමට ලක් වූ ශිෂ්‍යාවට ගවුමක් නොමැති වීම නිසා ඩෙනිම් කලිසමක් ඇඳගෙන ගොස් තිබේ.

එහිදී උප ගුරුවරයෙකු ශිෂ්‍යාව දැක ‘අද ගවුමක් ඇඳගෙන එන්න කියලා තියෙද්දී මොකටද ඩෙනිමක් ඇඳගෙන ආවේ, ගැහැණු දරුවෙක් වගේ නෙවෙයි මිනිහෙක් වගේ‘ යනුවෙන් කියා තිබේ. පසුව විදුහල්පති හිමිනමට දැනුම් දී ඇති අතර, එම හිමිනමද එම කතාවම කියා ඇත. එනම්, මේ දැරිය පිරිමියෙකු වාගේ ඇඳගෙන විත් තිබෙන බවය.

ඇඳුමක් නොමැති නිසා එලෙස පැමිණි බව ශිෂ්‍යාව කියා ඇති අතර, ඇය එහිදී දෝෂාරෝපණයට ලක් වී තිබේ. එයින් පසු ඇය බියට පත්ව දින කිහිපයක් පාසල් නොගොස් නිවසට වී සිට ඇත.

පසුව ඔක්තෝබර් 09 වැනිදා මෙම දැරිය පාසල් යෑමට අකැමැත්තක් දක්වන බව කෑගල්ල කලාප කාර්යාලයට දැනුම් දී තිබේ.

එයින් පසු නැවත පාසලට ගිය මේ දැරියට විදුහල්පති හිමිනම සහ උප ගුරුවරයෙකු මෙලෙස කණට පහර දී ශාරීරික හිංසා සිදු කර තිබේ. පසුව එයට ප්‍රතිකාර ලැබීමට ඇය උත්සාහ කර ඇති අතර, කණේ කැක්කුම් වේදනා අඩු නොවීම නිසා ඔක්තෝබර් 16 වැනිදා කෑගල්ල මහ රෝහලට ඇතුළත්ව අංක 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබා ඇත.

මේ පිළිබඳ පොලිස් පැමිණිලි සිදු කර තිබේ.

(කෑගල්ල වාර්තාකරු චමින්ද ජයලත්ගේ වාර්තාවක් ඇසුරෙනි)

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading