නාමල්ට විපක්ෂ නායකකම? මව්බිමෙන් වාර්තාවක්

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විපක්ෂ නායක කළ යුතු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් යෝජනා කර ඇතැයි ඉරිදා මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීන් කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත යුතු බවට මෙම මන්ත්‍රීන් පිරිස යෝජනා කර ඇති බව දැනගන්නට ලැබෙන අතර මේ පිළිබඳව පසුගිය දා පැවැති විශේෂ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමක් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවට ඔවුන් සඳහන් කරනවා.

මෙහිදී විවිධ පරස්පර අදහස් මතුව ඇති නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් දැඩි තීන්දුවක් මේ අවස්ථාවේ ගත යුතු බව මෙහිදී එම මන්ත්‍රීන් පිරිස යෝජනා කර තිබෙනවාලු.

නමුත් මේ අවස්ථාවේ පොදුජන පෙරමුණ විපක්ෂයේ අසුන් ගත හොත් ඉන් ආණ්ඩුවට බලපෑමක් ඇතිවිය හැකි නිසා මේ මොහොතේ එවැනි තීරණයක් ගැනීම සුදුසු නැති බව මෙහිදී මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ බව එම වාර්තාවල සඳහන්.

පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් සිටින නිසා එය ඉතා ම පහසුවෙන් කළ හැකි කටයුත්තක් බවද එම නිසා මෙම තීන්දුව ගත යුතු බව ද මෙම කණ්ඩායම යෝජනා කර තිබෙනවාලු.

එම වාර්තාවලට අනුව මෙම මන්ත්‍රී පිරිසේ යෝජනාව වී තිබෙන්නේ මෙම තීන්දුව පිළිබඳ තවදුරටත් සලකා බැලිය යුතු බවත් ඊට ප්‍රථමයෙන් මේ පිළිබඳ පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද මේ පිළිබඳ දැනුවත් කළ යුතු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට ඇමති ධූර ලබා නොදී සිටීම සම්බන්ධයෙන් තීන්දුව ගත යුතු බවත් ඒ පිළිබඳ කනගාටු වන බවත් පසුගිය දා අදහස් දක්වමින් පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ සහ දිස්ත්‍රික් නායකයෙකු ප්‍රකාශ කර තිබුණා.

නමුත් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට ඒම පිළිබඳව තවදුරටත් සලකා බැලිය යුතු යැයි ද තවත් ඉතා කෙටි කලක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තීරණයකට එළඹිය යුතු යැයි ද මෙහිදී අදහස් ප්‍රකාශ වී තිබෙනවාලු.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading