සුජීව සේනසිංහගේ මහනුවර ගේ හොරු බිදලා

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව ලංකාදීප වාර්තා කර ඇත.

ජූලි 11 වන දින අදාල පැමිණිල්ල සිදු කර ඇත.

අදාල සොරකම සම්බන්ධයෙන් සුජීව සේරසිංහ මහතා පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර සොරාගත් භාණ්ඩ අතර. රන් බඩු,  මුදල් සහ මොටර් රථ බැටරියක්  වන බව පැමිණිල්ලේ සඳහන් කර ඇති බව වාර්තාවේ සදහන් කර ඇත.

නිවසේ සේවකයන් වශයෙන් සිටි දෙදෙනකු මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට සැකකරන බව   සුජීව සේරසිංහ මහතා පැමිණිල්ලේ සදහන් කර ඇති බවත් මහනුවර  පොලිසිය  සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වන බවත් වාර්තාවේ සදහන් කර ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading