පඩුකරඳ ගස කැපුවේ කැබිනට් අනුමැතිය අරගෙන – බන්දුල කියයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කපාදැමූ පඩුකරඳ ගස වෙනුවට පඩුකරඳගස් දෙසීයක් සිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදුකරන ගම්පහ ප්‍රදේශයේ තිබූ පඩුකරඳ ගස ඉවත් කිරීම සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ගස් දෙසීයක් මේ එක ගහ වෙනුවට නැවත වගා කරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා.මේ කරුණු ටික මම ගිහින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේක විශාල ජාතික අපරාධයක්. බොරුවක්, මිත්‍ර්‍යාවක් රට පුරා ඇති කරලා කඩා කප්පල් කාරී ක්‍රියාවක් මේක මෙච්චර ගස් ප්‍රමාණයක් දැනට ඒ අවට තියෙනවා. උද්භිත විද්‍යාඥයෝ කියනවා, මේ වගේ ගස් ඕනෑ තරම් ප්‍රමාණයක් හදලා දෙන්න පුලුවන් කියලා. ඒ නිසා මේ ගස කැපීම සඳහා කැබිනට් අනුමැතියක් ලබා දෙන්න කියලා, මම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලුවා. කැබිනට් මණ්ඩලය කිව්වා මේ වගේ ගස් ඕනෑ තරම් තියෙද්දි මිලියන ගාණක් පාඩු විදලා, මේ ගස විතරක් ආරක්ෂා කරන්න ජාතික වුවමනාව වෙනුවෙන් ජාතියේ ආර්ථිකයේ ඉදිරිය සදහා හිතලා ගහ කපන්න කැබිනට් අනුමැතිය දුන්නා” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

තවද අදාල පඩුකරඳ ගස එම ස්ථානයෙන් ඉවත් කළේ කැබිනට් අනුමැතිය මත බවත් ජූලි 11 දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසීය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading