රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධී වත්කම් උපයාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන මාර්තු 02 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (නොවැම්බර් 27) නියෝග කර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් කර අධිකරණයට වාර්තා කිරීම සඳහා අල්ලස් කොමිසම විසින් ඉදිරි දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කර තිබේ.
අදාළ නඩුව සම්බන්ධව සජින් වාස් ගුණවර්ධන මේ වන විට ඇප මත මුදාහැර සිටී.
