රවීගේ පෙත්සම පිළිබඳ තීන්දුවට පෙබරවාරි 19ට දින දෙයි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ තීන්දුව ලබන වසරේ පෙබරවාරි 19 දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර ඇත.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ ඉදිරියේ අද (නොවැම්බර් 26) එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අවස්ථාවේදීය.

2023 වසරේදී අපරික්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදුකිරීම පිළිබඳ ගොනුකර ඇති නඩුවකදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Author

Leave a Reply

Related Posts