කස්සපට ඇප – රාජාංගනේ සද්ධාතිස්ස ICCPR පනතට අදාළ වරදක් කරලද?

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ සත්‍යග්‍රහයක් පැවැත්වීම සහ ඒ ආශ්‍රිතව ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 12 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බලංගොඩ කස්සප ඇතුළු පිරිසට අද (26) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමි විය.

මෙම සිද්ධියට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩු හතක් අද දිනයේදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී කැඳවා විභාගයට ගෙන තිබේ.

එම නඩු හත අතරින් නඩු හතරක් බලංගොඩ කස්සප ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ අතර, ඉතිරි නඩු තුන එම පිරිසට පහර දුන් කණ්ඩායමට එරෙහිව පවරා තිබූ ඒවා බව බව වාර්තා වේ.

නඩු හතම ලබන වසරේ අප්‍රේල් 29 වැනිදා නැවත කැඳවීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඒවායේ සියලුම සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

මීට අමතරව, රාජාංගනේ සද්ධාතිස්සට එරෙහිව ICCPR (සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති) පනත යටතේ කිසියම් වරදක් සිදු වී ඇත්දැයි සොයා බලා විමර්ශනයක් සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් අනුරාධපුර කොට්ඨාස අපරාධ ඒකකයට නියෝග කර ඇත.

Author

Leave a Reply

Related Posts