වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි බවට වරද පිළිගත් හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේට දඬුවම් නියම කිරීම ලබන වසරේ ජනවාරි 14 දිනට කල් දමා ඇත.
ඒ සම්බන්ධයෙන් වන නඩුව අද (නොවැම්බර් 26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් වන චෝදනාවට තමන් වරද පිළිගන්නා බව ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව එම නඩුව සුළු මොහොතකට කල් තැබීමෙන් පසු දඬුවම් නියම කිරීම කල් දැමීමට අධිකරණය තීරණය කර ඇත.
