‘SupremeSAT’ චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණි රෝහිත රාජපක්ෂ පැය හතරකට අධික කාලයක් FCID හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ලෙස එවකට ප්‍රචාරය වූ SupremeSAT චන්ද්‍රිකා ව්‍යාපෘතිය යනු 2012 වසරේදී ආරම්භ වූ පෞද්ගලික ආයෝජන ව්‍යාපෘතියකි.
2012 මැයි 23 වැනිදා SupremeSAT පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමකට එළඹ ඇති අතර, මෙහි අරමුණ වී ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් විදුලි සංදේශ සහ රූපවාහිනී විකාශන සේවා සැපයීම බව පැවසේ.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ලෙස ප්‍රවර්ධනය කිරීමත්, ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තා, චන්ද්‍රිකා වත්කම් සහ සැබෑ ආදායම් පිළිබඳව ප්‍රශ්න නිසා මෙය දේශපාලනික වශයෙන් දැඩි ආන්දෝලනයකට ලක්විය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව පසුගිය දිනක අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ දත්ත අනුව ශ්‍රී ලංකාවට අයත් SupremeSAT-1 හෝ ChinaSat-12 නමින් චන්ද්‍රිකාවක් හඳුනාගත නොහැකි බවයි.
