ඉතිහාසයේ අඩුම මූලික අයිතිවාසිකම් නඩු ප්‍රමාණයක් ගොනු වී ඇත්තේ මාලිමාව බලයට පත්වීමෙන් පසුව බව, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අද (නොවැම්බර් 26) ප්‍රකාශ කළේය.
මෙරට විධායක ව්‍යුහයේ මෙන්ම පරිපාලන ව්‍යුහයේ සාමාන්‍ය ජනතාවට සිදුවන අසාධාරණකම් තවමත් නතර වී නොමැති බවද, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ විට නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවසරය (Leave to Proceed) කිසිසේත් නොලැබෙන බවට අද වන විට අදහසක් ඇති වී තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. එම හේතුව නිසා 2026 වසරේ ගොනු වී ඇත්තේ 2025 වසරටත් වඩා අඩු මූලික අයිතිවාසිකම් නඩු ප්‍රමාණයක් බව ද ඔහු පැවසීය.
විධායක හා පරිපාලන ක්‍රියාවන් සම්බන්ධයෙන් පුරවැසියෙකුට හෝ රාජ්‍ය සේවකයෙකුට යොමු විය හැකි උත්තරීතරම ස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණය බවත්, එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින අධිකරණ බලය හීන කර ඇති බවත් මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.
